සිමෙන්ති මිල රු.100කින් ඉහළට පා.අ. සභාපති යෑමට පෙර ඉඩදීලා
සිය තනතුරෙන් නික්මයාමට පෙර සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර ලබා දී තිබේ.
ඒ අනුව, මෙතෙක් රු.995කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක මිල දැන් මිල වන්නේ රු.1095කි.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබාගත යුතු අතර, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පිරිවැය සළකා බලා සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම්වලට අවසර දෙනු ලබයි.
මෙවර පිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් පහකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා හා අදාල අංශයේ අධ්‍යක්ෂකවරිය අවසර දී ඇත්තේ නීති විරෝධි ආකාරයට වීම හා ජනතාව බලාපොරොත්තු තබා සිටි නාකකයා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසුව මෙසේ වීම මෙහි ඇති විශේෂත්වය බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඒ අනුව, අනීතික ලෙස සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දීම වහා හකුලා ගැනීමට ක්‍රියාකරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.
popular news
-
ගමගෙ බවින්ද මංජුල රත්න කුමාර Tuesday, 22 June 2021 09:31 PM
අපිත් සිමෙන්ති සෙවක දායකයින් මිල අධික ලෙස ඉහල දැමීම මෙම මොහොතෙ සදාරනද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

