සිංගර් Foldable Smartphone මාදිලි අතරේ HONOR Magic V5
සිංගර් සමාගම, ලොව පුරා ජනප්‍රිය දුරකථන මාදිලියක් වන, නැමිය හැකි (foldable) Smartphone අතර නවතම Smartphone මාදිලිය වූ HONOR Magic V5 ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලැබීය. උසස්ම තත්ත්වයේ Smartphone අත්දැකීමක් සහිත මෙය කලාත්මක බව, බුද්ධිය හා ක්‍රියාකාරීත්වය යන සියල්ල ඒකරාශී කරමින් නිර්මාණය වී තිබේ.
ඵලදායීතාව සහ නිර්මාණශීලීත්වය අතින් HONOR Magic V5 පාරිභෝගිකයන්ට මින් පෙර නොවූ Smartphone අත්දැකීමක් වනු නොඅනුමානය. HONOR Magic v5 යනු විස්මිත බවත්, තාක්ෂණික නවීනත්වයත් එකට එක් කළ smart පරම්පරාවේ නවතම සොයාගැනීමකි. තිරය මැදින් නැමිය හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙය, දිග හැරුණු පසු 4.2mm තරම් ඉතා තුනී ඝණකමකින් යුතු අතර, බර 217g තරම් ඉතා සැහැල්ලු වූවකි. Foldable තාක්ෂණයෙන් මෙතෙක් නිපදවා ඇති සිහින්ම ස්මාර්ට් දුරකථනය වන්නේ ද මෙයයි. අති සුපැහැදිලි දසුන් මවන Dual HDR display එකකින් සමන්විත මෙම උපාංගයේ උපරිම brightness අගය 5000 nits වේ. High-definition පැනල් දෙකක් ලෙස නිර්මාණය වී ඇති මෙම තිර දෙකම pen support සහිත නිසා කටු සටහන් ඇඳීම සහ ලිවීම ඇතුළු කාර්යයන් රැසක් සඳහා ඉතා පහසුවෙන් භාවිත කළ හැකිය.
මේ පිළිබඳ අදහස් දක්වමින් සිංගර් සමාගමේ සමූහ කළමනාකාර අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා, “සැබෑ නවෝත්පාදනයෙන් සහ විශිෂ්ට නිමාවෙන් යුතු උපාංගයක් වන HONOR Magic V5 හඳුන්වා දෙන්නට ලැබීම ගැන අප ඉතාමත් සතුටට පත් වෙනවා. මේ Foldable ස්මාට් දුරකථනය හඳුන්වාදීම තුළින් පිළිබිඹු වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ තාක්ෂණික හඳුන්වාදීම් ලාංකික පාරිභෝගිකයන්ට සමීප කරන්නට අප ගෙනයන නිරන්තර උත්සාහයයි. උසස්ම තත්ත්වයේ ක්රියාකාරීත්වයක් සමඟ අනාගත ලෝකයේ ජංගම දුරකථන පිළිබඳ ඉඟියක්ද මේ තුළින් දැකගත හැකියි.” යනුවෙන් සඳහන් කළේය.
“Magic V5 යනු HONOR වෙතින් හඳුන්වා දෙන නවෝත්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛතම නිර්මාණයක්. සිංගර් සමාගම සමඟ අපගේ හවුල්කාරීත්වය හරහා මෙම සුවිශේෂී උපාංගය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත් වනවා. නැමිය හැකි ආකෘතිය, AI හැකියාවන් සහ පුළුල් සම්බන්ධතා හැකියාවන්ගෙන් සමන්විත ප්රමුඛ පෙළේ දුරකථනයක් වූ Magic V5 තුළින් නවතම ස්මාර්ට් ප්‍රමිතියක අත්දැකීම විඳගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනු ඇති” යනුවෙන් HONOR සමාගමේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධානී ජෝර්ජ් සෙන්ග් මහතා පැවසීය.
වර්තමානයේ ජංගම දුරකථනයක සැබෑ බලය පවතින්නේ එහි අඩංගු AI තාක්ෂණයෙන් බලගැන්වූ අත්දැකීම තුළයි. Split-screen AI assistant විශේෂාංගය නිසා පාරිභෝගිකයන්ට browse කිරීමේ සිට meeting වලට සම්බන්ධ වීම දක්වා, තිර දෙකම භාවිත කරමින් කාර්යයන් රැසක් අපහසුවකින් තොරව එකවර සිදු කිරීමට ඉඩ සලසයි.
දුරකථනයේ කැමරා පද්ධතිය ද ඒ හා සමාන ආකර්ෂණීයත්වයකින් යුක්තය. අඩු ආලෝක තත්ත්වයකදී පවා විචිත්‍රවත් වර්ණ සහිතව ඡායාරූප ගැනීමේ හැකියාවක් සහිත 64MP Ultra Sensing Periscope Telephoto කැමරාවකින් මෙය සමන්විතය. HONOR මාදිලිවල අඩංගු උසස්ම Image processing තාක්ෂණය මෙයටද ඇතුළත් නිසා HONOR Magic V5 ඉතා උසස් සෞන්දර්යයකින් යුතු වෘත්තීය මට්ටමේ ඡායාරූප සහ වීඩියෝ සඳහා ඉඩ සලසා දෙයි.
HONOR Magic V5 හඳුන්වා දීම, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වූ මෙම සන්නාම දෙකටම වැදගත් සන්ධිස්ථානයකි. Foldable තාක්ෂණය කෙරෙහි පාරිභෝගික උනන්දුව ක්‍රමයෙන් වැඩි වෙමින් ඇති කාලයක, සිංගර් සමාගම සහ HONOR අතර ඇති මෙම සහයෝගීතාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් උසස් තත්ත්වයේ නවෝත්පාදන අත්දැකීම් සමීප කරන්නට හේතුවක් වනු නිසැකය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                