සාංගමික මූල්‍ය උපදේශක බලපත්‍රය ලත් ප්‍රථම රාජ්‍ය බැංකුව - මහජන බැංකුව
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් නිකුත් කරන සාංගමික මූල්‍ය උපදේශක බලපත්‍රය (Corporate Finance Advisor License) හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය බැංකුව බවට මහජන බැංකුව පත්විය. මේ තුළින් මූල්‍ය නවෝත්පාදනය හා විශිෂ්ටත්වය සඳහා වන මහජන බැංකුවේ නායකත්වය යළි යළිත් තහවුරු වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ පැවැත්ම ඉහළ නැංවීම හා විවිධ අංශයන්හි සේවා දායකයින්ට නව්‍ය මූල්‍ය විසඳුම් ලබාදීම වෙනුවෙන් පිහිටුවා ඇති මහජන බැංකුවේ ප්‍රධානතම අංශයක් වන ආයෝජන බැංකුකරණ ඒකකයද (People’s Bank Investment Banking Unit (PBIBU)) මේ තුළින් වඩාත් ශක්තිමත් වනු ඇත.
ආරම්භයේ සිටම නව්‍ය ගනුදෙනු හා විශ්වසනීය උපදේශන සේවාවන් තුළින් මූල්‍ය ක්ෂේත්රයේ නව මානයන් විවර කිරීමට සමත්ව ඇති PBIBU අද වන විට මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනයේ පෙරමුණ ගෙන කටයුතු කරයි. මෙම ඒකකය වසර ගණනාවක් මුළුල්ලේ ණයකර නිකුතුන් කිහිපයක්ම සාර්ථකව කළමනාකරණය කර ඇති අතර, ඒ ඔස්සේ මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි වර්ධනය උදෙසා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. විශේෂයෙන්ම පහත සඳහන් ගනුදෙනු තුළින් සිය කළමනාකරණ හා සැලසුම්කරණ හැකියාවන් මනාව පිළිඹිබු වෙයි.
2013 - HDFC බැංකුවේ රු.මිලියන 2,000ක ආරම්භක ලැයිස්තුගත ණයකර නිකුතුව
2014 - කොටගල ප්ලාන්ටේෂන් පී.එල්.සී සඳහා වූ රු.මිලියන 1,000ක ලැයිස්තුගත ණයකර නිකුතුව
2015 - පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී හි රු.මිලියන 750ක කොටස් නිකුතුව
2020 - BASEL III අනුකූල Tier 2 සඳහා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද රු.මිලියන 20,000 ක ලැයිස්තුගත නොකළ, ශ්‍රේණිගත කළ ණයකරය
2021 - ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් සිදුකළ රු.මිලියන 20,000ක ලැයිස්තුගත ණයකර නිකුතුව
2021 - LOLC හෝල්ඩිංග්ස් පී.එල්.සී. වෙනුවෙන් රු.මිලියන 10,000ක ලැයිස්තුගත ණයකර නිකුතුව සාර්ථකව නිකුත් කිරීම
2021 - පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී හි රු.මිලියන 10,000ක ලැයිස්තුගත, ශ්‍රේණිගත, ජ්‍යෙෂ්ඨ ණයකර නිකුතුව
ඒ අනුව, මේ වන විට මහජන බැංකුවේ ආයෝජන බැංකුකරණය ඒකකය (PBIBU) විසින් ණයකර ලැයිස්තුගත කිරීම් 32ක් සහ කොටස් නිකුතුවක් සාර්ථකව කළමනාකරණය කර ඇති අතර, සාමූහිකව රුපියල් බිලියන 200කට වැඩි අගයක් ගනී. එය ශක්තිමත් වෙළෙඳපොල නායකත්වය සහ සේවාදායක විශ්වාසය පිළිබඳ මනාවූ නිදසුනකි.
එසේම 2025 අග/ 2026 ජනවාරි මස මුලදි දියත් කිරීමට නියමිතව ඇති නව ණයකර නිකුත් කිරීම් 4ක් PBIBU විසින් සැලසුම් කරමින් සිටියි.
මහජන බැංකුවේ ආයෝජන බැංකුකරණය ඒකකය, Global Banking and Finance Review Awards 2025 හි ‘ශ්‍රී ලංකාවේ හොඳම ආයෝජන බැංකුව’ ලෙස මෙන්ම The Next 100 Global Awards – Investment Banking හි සම්මානයන්ගෙන් පසුගියදා පිදුම් ලැබුවේ සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරගනිමිනි. නවෝත්පාදනය, මූල්‍ය නායකත්වය සහ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොල පරිසරයේ දියුණුව වෙනුවෙන් මහජන බැංකුවේ කැපවීමද මෙම ජයග්‍රහණයන්ගෙන් මනාව පිළිබිඹු වේ.
ඡායාරූප - මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (භාණ්ඩාගාර, ජාත්‍යන්තර හා ආයෝජන) ශමීලා සේනාරත්න ලොකු කලුගේ මහත්මිය සහ සහකාර සාමාන්‍යාධිකාරිනි (ආයෝජන) ට්රිමාලී ප්‍රනාන්දු මහත්මිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

