ස්වින්බර්න් තාක්ෂණ සරසවියෙන් ලාංකේය සිසුන්ට දැනුවත් කිරීමක්
ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology), ගෝලීය වශයෙන් සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා වන සිය කැපවීම යළිත් තහවුරු කරමින්, පසුගිය දා ඔස්ට්‍රේලියාවේ සිට ප්රමුඛ පෙළේ විද්වත් මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණ, වර්ධනය වෙමින් පවතින ගෝලීය අවස්ථාවන් සහ අනාගත වෘත්තීය මාවත් පිළිබඳ සිසුන්ට වටිනා අවබෝධයක් ලබා දීමට කටයුතු කර තිබේ.
ව්‍යාපාරික, සෞඛ්‍ය විද්‍යා, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණය වැනි අනාගත ලෝකයේ රැකියා ක්ෂේත්‍ර නිර්මාණය කරන ප්‍රධාන විෂය පථයන් නියෝජනය කරමින් ප්‍රවීණ විද්වතුන් සිව්දෙනෙකු මෙම සංචාරයට එක් වී ඇත. එහිදී වේගවත් ගෝලීය වෙනස්කම්වලට අනුකූලව අධ්‍යාපනය පරිණාමය වන ආකාරය පිළිබඳව ඔවුහු අදහස් දැක්වූහ.
මෙම නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ ව්‍යාපාර, නීතිය සහ ව්‍යවසායකත්ව පාසලේ විධායක පීඨාධිපති මහාචාර්ය ලෑන් ස්නෙල් මහත්මිය විසිනි. ආර්ථික, භූ-දේශපාලනික සහ තාක්ෂණික වෙනස්කම්වල වේගය ගෝලීය ව්‍යාපාරික අධ්‍යාපනය ප්‍රතිනිර්මාණය කරන ආකාරය ඇය මෙහිදී අවධාරණය කළාය. එසේම අනුවර්තනය වීමේ හැකියාව, ගෝලීය අවබෝධය සහ විෂය ධාරාවන් තුළ කර්මාන්ත ක්ෂේත්රයට ඇති අදාළත්වය වර්තමානයේදී ඉතා තීරණාත්මක බව ද ඇය පවසා සිටියාය. සංකීර්ණ පරිසරයන්ට මුහුණ දීම සඳහා උපාධිධාරීන් සූදානම් කිරීමට නම් විශ්වවිද්‍යාල තම විෂයමාලා තුළට ප්‍රායෝගික යෙදුම්, ඩිජිටල් හැකියාවන් සහ විචාරාත්මක චින්තනය ඒකාබද්ධ කළ යුතු බව ද ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.
තවද, සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය විද්‍යා පාසලේ සම සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය රෙබේකා ලේන් මහත්මිය, ගෝලීය සෞඛ්‍ය පද්ධතීන් වඩාත් සංකීර්ණ වෙමින් පවතින බව සඳහන් කළාය. එමෙන්ම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනය තාක්ෂණය මත පදනම් වූ සහ ගෝලීය වශයෙන් සම්බන්ධ වූවක් බවට පත්වෙමින් පවතින බවත්, සාක්ෂි මත පදනම් වූ පුහුණුව සහ ප්‍රායෝගික ඉගෙනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බවත් ඇය සඳහන් කළාය. ඒ අනුව මෙම ප්‍රවේශය හරහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රෝගී අවශ්‍යතා සහ සෞඛ්‍ය පද්ධතීන්ට ප්‍රතිචාර දැක්වීමට උපාධිධාරීන් සන්නද්ධ වන බව ඇය පැවසුවාය.
අනාගත යටිතල පහසුකම් පිළිබඳව අදහස් දක්වමින්, සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය පැට් රජීව් මහතා, ඉංජිනේරු ක්ෂේත්රයේ තිරසාරභාවය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාවේ ඇති වැදගත්කම පෙන්වා දුන්නේය. එසේම නූතන ඉංජිනේරු අධ්‍යාපනය තුළ පුනර්ජනනීය බලශක්තිය, තිරසාර ද්‍රව්‍ය සහ පද්ධතිමය චින්තනය වැනි සංකල්ප අන්තර්ගත වන අතර, ප්‍රායෝගික ව්‍යාපෘති හරහා කර්මාන්ත ක්ෂේත්රය සමඟ ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරන බව ඔහු පැහැදිලි කළේය.
මෙම අවස්ථාවේදී, පරිගණක තාක්ෂණ පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ආටි කියා මහත්මිය, කෘත්‍රිම බුද්ධිය ඇතුළු වේගවත් තාක්ෂණික දියුණුව විසින් වැඩ ලෝකය ප්‍රතිනිර්මාණය කරන ආකාරය විස්තරාත්මකව පැහැදිලි කළාය. පරිගණක අධ්‍යාපනය යනු මෙවලම් පිළිබඳ ඉගෙනීමෙන් ඔබ්බට ගොස් විචාරාත්මක චින්තනය, අනුවර්තනය වීමේ හැකියාව සහ තාක්ෂණය සදාචාරාත්මකව භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු විෂය ධාරාවක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය. ශක්තිමත් මූලික කුසලතා සහ කර්මාන්ත ක්ෂේත්රයේ අත්දැකීම් ඒකාබද්ධ කිරීමෙන් අඛණ්ඩව වෘත්තීය ගමනක් යාමට සිසුන්ට හැකි බව ඇයගේ අදහස විය.
මෙම සංචාරය හරහා ස්වින්බර්න් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාවය තවදුරටත් ඉස්මතු කරනු ලැබුවේය. එසේම දේශීය ප්‍රවේශය සහ ජාත්‍යන්තර ගතිකත්වය ඒකාබද්ධ වූ අධ්‍යාපන මාවත්වලින් සිසුන්ට ප්රතිලාභ හිමිවීම ද තහවුරු කරනු ලැබීය. කර්මාන්ත ක්ෂේත්‍ර වේගයෙන් පරිණාමය වන විට ස්වින්බර්න් ආයතනය විසින් ශ්‍රී ලාංකේය සිසුන්ට ලබා දෙන පණිවිඩය මෙම සචාරය තුළින් ඉතා හොඳින් පැහැදිලි කරන ලදී. එනම්, අනාගතය භූගෝලීය සීමාවන්ට කොටු වී නැති බැවින් නිසි අධ්‍යාපනයක් සමඟ ගෝලීය අවස්ථාවන් දැන් ඔබේ අතේ දුරින් පවතින බව ඔවුහු සපථ කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
