සංචාරක පැමිණීම් ජුනි මාසයේදී 63072ක් දක්වා ක්රමික වර්ධනයක්
- 22 08 2019
- 08:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමෙන් පසුව 2019 ජුනි මාසයේදී සංචාරක පැමිණීම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2019 මැයි මස වාර්තා වූ සංචාරක පැමිණීම් සංඛ්‍යාව වන 37,802ට සාපේක්ෂව ජුනි මාසයේදී සංචාරක පැමිණීම් 63,072ක් දක්වා 66.8%ක වර්ධනයක් පෙන්වා තිබේ.
කෙසේ වෙතත්, 2019 ජුනි මාසයේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 57.0%කින් පහත වැටී තිබුණි.
ප්‍රධාන වශයෙන් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවලින් පැමිණෙන සංචාරකයන් අඩුවීම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
