ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය නව බඳවා ගැනීම් අරඹයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය 2026 ප්‍රධාන බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්රයන්හී අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද පුළුල් පරාසයක විහිදුණු උපාධි පාඨමාලා හැදෑරීමට මෙහිදී සිසුන්ට අවස්ථාව උදා වේ. නවීන අධ්‍යයන මාවත්, ලෝක මට්ටමේ පහසුකම් සහ නිර්මාණශීලීත්වය හා සහයෝගීතාවය පදනම් කරගත් සරසවි සංස්කෘතියක් තුළින් මෙරට අධ්‍යාපනයේ විශිෂ්ටත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය නිරතුරුවම කැපවී සිටින අතර, 2026 වසරේ නවක ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් දොරටු විවර කරමින් අසීමිත විභවතාවයන්ගෙන් යුත් පරිවර්තනීය ගමන් මගක් මෙලෙස ආරම්භ කර ඇත.
1999 වසරේදී ආරම්භ කරන ලද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතිය සහිතව වසර 25කට අධික කාලයක් පුරා ප්රශස්ත අධ්‍යයන උරුමයක් ගොඩනගා ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, මාලඹේ, කොළඹ, මහනුවර සහ යාපනය යන නගරවල පිහිටි ප්‍රධාන මණ්ඩප මෙන්ම මාතර සහ කුරුණෑගල පිහිටි මධ්‍යස්ථාන හරහා දිවයින පුරා අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කර තිබේ. අධ්‍යාපනික විශිෂ්ටත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ලබා ඇති ගෝලීය හා කලාපීය පිළිගැනීම සුවිශේෂී වන අතර, 'Times Higher Education' ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් හී2026 ට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙසත්, දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අතරින් සම තෙවන ස්ථානයටත් පත්වීම එයට කදිම සාක්ෂියකි. තවද, පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය (ACU) සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමය (IAU) වැනි කීර්තිමත් ගෝලීය සංවිධානවල සාමාජිකත්වය ද මෙම ආයතනය සතුය.
තාක්ෂණික අධ්‍යාපනයේ පෙරමුණ ගෙන සිටින පරිගණක පීඨය, කෘතිම බුද්ධිය (AI) අනාගත නවෝත්පාදනයේ පදනම ලෙස හඳුනා ගනිමින් ඒ පිළිබඳ විශේෂිත තොරතුරු තාක්ෂණ ගෞරව උපාධියක් හඳුන්වා දී ඇති අතර, මීට අමතරව මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, සයිබර් ආරක්ෂණය, පරිගණක පද්ධති සහ ජාල ඉංජිනේරු විද්‍යාව, දත්ත විද්‍යාව, තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාව සහ අන්තර්ක්‍රියාකාරී මාධ්‍ය වැනි ක්ෂේත්‍ර රැසකින් උපාධි පිරිනමයි. ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (IET) විසින් ආරම්භ කරන ලද මෙම පාඨමාලා, සමගාමීක්ෂේත්ර අවශ්‍යතා හා නැගී එන තාක්ෂණයන් සමඟ මනාව සංයෝජනය වන අතර, AACSB සාමාජිකත්වය සහිත SLIIT ව්‍යාපාරික පාසල මඟින් ව්‍යාපාරික විශ්ලේෂණය, අලෙවිකරණ කළමනාකරණය, මානව ප්‍රාග්ධන කළමනාකරණය, ගිණුම්කරණය සහ මූල්‍ය, සැපයුම් දාම කළමනාකරණය සහ තත්ත්ව කළමනාකරණය වැනි වෘත්තීය අභිමුඛ උපාධි පිරිනමනු ලබයි. මීට අමතරව, බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය සමඟ එක්ව 'Fashion Business and Management' උපාධිය ද පිරිනමන අතර, ව්‍යාපාරික විශ්ලේෂණ වැඩසටහන 'Institute of Analytics' (IoA) මඟින් සවිබල ගැනිවී ඇත. ඉංජිනේරු පීඨය මඟින් විදුලි හා ඉලෙක්ට්‍රොනික, සිවිල්, ද්‍රව්‍ය හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධි පිරිනමන අතර, සිවිල් සහ යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමිව තිබේ. එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලය සමඟ එක්ව ප්‍රමාණ සමීක්ෂණ (Quantity Surveying) උපාධිය ද පිරිනමනු ලබයි.
මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය මනෝවිද්‍යාව, නීතිය (LLB) සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සිව්වසරක උපාධි මෙන්ම, අධ්‍යාපන (BEd), ජෛව තාක්ෂණය සහ ව්‍යවහාරික සංඛ්‍යාලේඛන වැනි ක්ෂේත්රයන්ගෙන් සිය අධ්‍යයන පරාසය පුළුල් කර ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ඩීකින් (Deakin) විශ්වවිද්‍යාලය හරහා හෙද උපාධිය දක්වා දිවෙන සහ TVEC මඟින් NVQ L6 මට්ටමේ ප්‍රතීතනය ලත් හෙද උසස් ඩිප්ලෝමා පාඨමාලාව ද මෙහි සුවිශේෂී වේ. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ ආයතනයේ (SLIA) පූර්ණ ප්‍රතීතනය සහිත SLIIT වාස්තු විද්‍යා පාසල, 'INSPIRELI' ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියාවේ ඉහළම වාස්තු විද්‍යා පාසල් දෙක අතරටත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයටත් පත්ව ඇති අතර, ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලය සමඟ එක්ව වාස්තු විද්‍යාව සහ අභ්‍යන්තර සැලසුම්කරණය පිළිබඳ උපාධි පිරිනමයි.සිය ජාත්‍යන්තර වැඩසටහන් පරාසය තවදුරටත් පුළුල් කරමින්, ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෘතිම බුද්ධිය පිළිබඳ ඕස්ට්‍රේලියානු උපාධියක් (Bachelor of AI) සම්පූර්ණයෙන්ම මෙරටදී හැදෑරීමේ අවස්ථාව උදා කර දී තිබේ. ක්වීන්ස්ලන්ත, කර්ටින්, බටහිර ඕස්ට්‍රේලියානු සහ එඩින්බරෝ වැනි ලොව ඉහළම විශ්වවිද්‍යාල 100 අතර ඇති ආයතන සමඟ පවතින සබඳතා හරහා සිසුන්ට ජාත්‍යන්තරව වන අධ්‍යාපන මාරුවීම් අවස්ථා හිමිවන අතර, ආචාර්ය උපාධිධාරීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සහ ලොව විශිෂ්ටතම පර්යේෂකයන් 2% අතරට තේරී පත්වූ විද්වතුන් 6 දෙනෙකුගෙන් සමන්විත පීඨය මෙන්ම කෘතිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ස්ථාපිත විශිෂ්ටතා මධ්‍යස්ථාන හරහා පර්යේෂණ ක්ෂේත්රයේ නව මානයන් විවර කර ඇත.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මාලඹේ පරිශ්‍රයේ පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් පුස්තකාලය, ක්‍රීඩා පහසුකම් 20කට අධික සංඛ්‍යාවක්, විවිධ ශිෂ්‍ය සංගම් සහ වෘත්තීය මගපෙන්වීම් ඇතුළු ශිෂ්‍ය සුබසාධන සේවා හරහා පරිපූර්ණ අධ්‍යාපන අත්දැකීමක් සිසුන්ට හිමිවේ. වර්තමානය වන විට 25,000කට අධික සිසුන් පිරිසක් සහ 40,000කට වැඩි ආදි සිසුන් පිරිසක් සිටින ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනහෙහි උපාධිධාරීන් සඳහා පවතින 96%ක ඉහළ රැකියා නියුක්ති අනුපාතය, ආයතනයේ ගුණාත්මකභාවය පිළිබඳ මනා සාක්ෂියකි. දේශීය හා ලන්ඩන් උසස් පෙළ විශිෂ්ටයින් සඳහා පූර්ණ ශිෂ්‍යත්ව මෙන්ම කුසලතා සහ ක්‍රීඩා පදනම් කරගත් ශිෂ්‍යත්ව රැසක් පිරිනමන SLIIT ආයතනය, සිය අසීමිත විභවයන් හඳුනාගෙන අනාගතය ජය ගැනීමට බලාපොරොත්තු වන නවක සිසුන් හට සිය විද්වත් ප්‍රජාව සමඟ එක්වන ලෙස ආරාධනා කර සිටියි. සිසුන්ට apply.sliit.lk වෙබ් අඩවිය හරහා අයදුම් කළ හැකි අතර, වැඩසටහන් සහ ඇතුළත් වීමේ අවශ්‍යතා පිළිබඳ වැඩිදුර තොරතුරු www.sliit.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඕනෑම SLIIT මණ්ඩපයක් වෙත පැමිණීමෙන් ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

