ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට HUTCH වෙතින් ලක්ෂ 600ක්
"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම "Rebuild Sri Lanka" අරමුදල වෙත රුපියල් ලක්ෂ 600ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.
CK Hutchison සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන HUTCH සමාගම ලබා දුන් මෙම මූල්‍ය දායකත්වය, ආපදාවට ලක්වූ ප්රජාවන්ගේ ජීවනෝපායන් යළි නඟා සිටුවීම සහ පොදු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් යොදවනු ඇත.
මෙම මූල්‍ය පරිත්‍යාගයට අමතරව, ආපදා තත්ත්වය තුළ සන්නිවේදන සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා HUTCH විසින් ක්ෂණික ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව, පාරිභෝගිකයින් වෙත නොමිලේ ඇමතුම්, ඩේටා සහ SMS පහසුකම් ලබා දීම, ජංගම දුරකථන ආරෝපණ කුටි (Mobile charging booths) ස්ථාපිත කිරීම මෙන්ම, හානියට පත් සන්නිවේදන කුළුණු කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීම සඳහා ඉංජිනේරුවන් ගුවන් මගින් රැගෙන යාම වැනි ක්‍රියාමාර්ග රැසක් දියත් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCH Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්ර ගුප්තා මහතා, "ව්‍යසනයක් හමුවේ අපගේ ප්‍රමුඛතම වගකීම වන්නේ ජනතාවට තම හිතවතුන් හා සම්බන්ධ වීමට ඉඩ සලසමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. අපගේ මව් සමාගමේ පූර්ණ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාව යළි නැගී සිටින මෙම අවස්ථාවේදී ජාතිය සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වනවා. එලෙසම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ඩිජිටල් අමාත්‍යාංශය, ආරක්ෂක අංශ සහ රජය විසින් ගනු ලැබූ කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග පිළිබඳව අපගේ ස්තූතිය පළ කරනවා" යැයි සඳහන් කළේය.
මෙම පරිත්‍යාගය සහ අඛණ්ඩව සිදුකරන සහන සේවාවන් හරහා, හදිසි අවස්ථාවන්හිදී ප්‍රජාවට සහාය වීම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් HUTCH සමාගම සතු දිගුකාලීන කැපවීම නැවතත් තහවුරු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

