LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ ආයතනයක් වන LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් (LOLC AT) සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි කේන්ද්‍රගත ජාත්‍යන්තර කෝසෙයාර් සමූහය (Corsair Group International) සමඟ ඒකාබද්ධව කෙරවලපිටියේ LOLC AT අපද්‍රව්‍ය ඉන්ධන බවට පරිවර්තනය කිරීමේ යන්ත්රාගාරය වැඩිදියුණු කොට පුළුල් කිරීම සඳහා සන්ධිස්ථානීය හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම උපායමාර්ගික ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පිළිබඳ වර්ධනය වන අභියෝගයට පිළිතුරක්ද සපයයි. ශ්‍රී ලංකාව දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7,000ක් පමණ ජනනය කරන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය දළ වශයෙන් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.56කි. එයින් සැලකිය යුතු කොටසක් පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් සමන්විත වේ. ප්ලාස්ටික් නිසා සිදුවන දූෂණය දැන් ශ්‍රී ලංකාවේ දැවැන්ත පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම අපද්‍රව්‍යවලින් බොහොමයක් කසලබිම්, ජලමාර්ග මෙන්ම සාගරයට එක්වන්නේ පාරිසරික පද්ධති, මහජන සෞඛ්‍ය සහ සංචාරක ව්‍යාපාරයටද බරපතල තර්ජනයක් එල්ල කරමිනි.
LOLC AT සිය ආයෝජනයෙන් අපද්‍රව්‍ය ඉන්ධන බවට පරිවර්තනය කිරීමේ කර්මාන්තශාලාවක් 2023 වසරේදී ආරම්භ කළ අතර, 2024 වසර පුරාම එය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක විය. මෙම කර්මාන්තශාලාව මඟින් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් නැවත භාවිත කළ හැකි ඉන්ධන බවට පත් කරයි. එමඟින් කසල කඳු ගොඩගැසීම හෝ දහනය කිරීම වෙනුවට පොසිල ඉන්ධන සඳහා සාර්ථක විකල්පයක්ද සපයයි. මෙම පදනම මත කෝසෙයාර් සමූහය සමඟ ගොඩනගනු ලබන හවුල්කාරිත්වය ඔස්සේ නවීන තාක්ෂණික වැඩිදියුණු කිරීම් ඔස්සේ එහි සැකසුම් ධාරිතාව වැඩි කිරීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා වූ තාක්ෂණය කෝසෙයාර් විසින් එහි තාක්ෂණික සහකරුවන් සමඟ සංවර්ධනය කරන ලද්දකි. ISCC PLUS සහතික ලත් උසස් තත්ත්වයේ, පයිරොලිසිස් තෙල් (ජෛව ඉන්ධන) නිෂ්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලිකාංගයයි. එමඟින් අපද්‍රව්‍ය තිරසර සහ මහා පරිමාණ ආකාරයෙන් ආර්ථිකයට නැවත එක්කළ හැකි සම්පත් බවට පරිවර්තනය කරමින් පූර්ණ චක්‍රීය ආර්ථිකයකට දායක වේ.
පුළුල් කරන ලද කර්මාන්තශාලාව මඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යොදාගැනීමට මෙන්ම පුළුල් පරාසයක අමුද්‍රව්‍ය සැකසීමටද හැකිවේ. ඒවා ඉහළ ප්‍රමිතියක් සහිත පයිරොලිසිස් තෙල් බවට පරිවර්තනය කරන අතර, එම නිමැවුම් පෙට්‍රෝලියම් රසායනික සමාගම් වලට නව ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍යයක් ලෙස යොදාගත හැකිවේ. ඒ අනුව මෙම කර්මාන්තශාලාව ප්‍රතිචක්‍රීය ප්ලාස්ටික් ප්‍රධාන දායකයෙකු බවට පත්වේ. එමඟින් ශ්‍රී ලංකාවට තීරණාත්මකවූ පාරිසරික අභියෝගයකට පිළිතුරු සපයන අතරම හරිත රැකියා නිර්මාණය, නවෝත්පාදනය දිරි ගැන්වීම සහ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සඳහා ශ්‍රී ලංකාව කලාපීය ප්රමුඛයෙකු බවට පත් කරනු ඇත.
අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම කර්මාන්තශාලාව වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් මිලියන 12 ක් සැකසීමේ සහ උසස් තත්ත්වයේ පයිරොලිසිස් තෙල් බවට පරිවර්තනය කිරීමේ හැකියාවකින් යුක්තවේ. මෙම තෙල් පෙට්‍රෝලියම් රසායනික කර්මාන්තය සඳහා තිරසර අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙන අතර, එමඟින් නව, ප්‍රතිචක්‍රීකරණය කළ සහ පරිසර හිතකාමී ප්ලාස්ටික් නිෂ්පාදනය කළ හැකි වේ. කසල බිම්වලින් ඉවතලන ප්ලාස්ටික් වටිනා අමුද්‍රව්‍ය බවට පත්කිරීමෙන්, මෙම කර්මාන්තශාලාව පරිසර දූෂණයෙන් තොර පිරිසිදු ශ්‍රී ලංකාවක් බිහිකිරීමට මෙන්ම තිරසර සහ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට දායක වනු ඇත.
මෙම කම්හලේ ඉදිකිරීම් කටයුතු 2025 වසර තුල ආරම්භ කිරීමට නියමිත අතර, ආසන්න වශයෙන් වසර දෙකක් තුල නිම කිරීමට අපේක්ෂා කෙරේ. මෙම හවුල්කාරිත්වය යටතේ, කෝසෙයාර් සමූහය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ සිය තාක්ෂණික විශේෂඥතාව සහ ගෝලීය අත්දැකීම් ශ්‍රී ලංකාවට රැගෙන එනු ඇත.
LOLC AT ඔවුන් හා එක්ව ශ්‍රී ලංකාවට කල් පවත්නා සමාජ-ආර්ථික හා මූල්‍ය ප්රතිලාභ හිමිකරදෙන ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා වූ සිය කැපවීම හා මෙහෙයුම් හැකියාවන් ඒ සඳහා යොදා ගනු ඇත. නව හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් LOLC ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී දනේෂ් අබේරත්න මහතා, "ශ්‍රී ලංකාව අද මුහුණ දෙන දැවෙන පාරිසරික අභියෝග රැසකට තිරසර විසඳුම් ලබා දීම සඳහා වූ අපේ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් මෙම හවුල්කාරිත්වය තුළින් සනිටුහන් කරනවා. අපගේ මෙහෙයුම් විශේෂඥතාවන්, කෝසෙයාර් තහවුරු කළ අපද්‍රව්‍ය-ඉන්ධන බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය හා එක්කිරීමෙන් අපේ පවතින කම්හලේ කාර්යක්ෂමතාව හා ධාරිතාව වැඩි දියුණු කිරීමට පමණක් නොව, දිවයිනේ ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය ගැටළුවට සාධනීය ධනාත්මක විකල්පයක් ඇති කිරීම අපේ අරමුණයි. අප එක්ව පාරිසරික වගකීම හරිත අනාගතයක් උදෙසා වන ප්‍රායෝගික, මැනිය හැකි ක්‍රියාමාර්ගයක් බවට පත්කරලීමේ නවෝත්පාදනයන් මෙහෙයවනවා" යැයි පැවසීය.
එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර කෝසෙයාර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජුසි සලෝරන්ටා, "LOLC සමඟ මෙම හවුල්කාරිත්වයට එළැඹීමට හැකිවීම ගැන අපි අතිශයෙන් සතුටට පත්වන අතර, එය ගෞරවයක් කොට සලකනවා. ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස, LOLC අපට සහයෝගයෙන් කටයුතු කිරීමට හා අර්ථවත් බලපෑමක් ඇති කිරීමට කදිම වේදිකාවක් සපයනවා. කොළඹ පිහිටි මෙම කර්මාන්තශාලාව අප සැලසුම් කර ඇති ඒකාබද්ධ ව්‍යාපෘතිවලින් එකක් පමණයි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය උදෙසා ආයෝජන සිදුකිරීමට අපි මුළුමනින්ම කැපවී සිටිනවා. අප එක්ව, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අභියෝගයට විසඳුම් සපයමින් දිවයින පුරා සිටින ජනතාව උදෙසා සුපිරිසිදු, හරිත අනාගතයක් ගොඩනංවනවා.” යැයි පවසීය.