ශ්‍රී ලංකන් කේටරින් CNCI සම්මාන උළෙලේදී රන් සම්මාන ලබලා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් කේටරින් අංශය ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ CNCI 2019 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලබා තිබේ.
ශ්‍රී ලංකන් කේටරින් අංශයේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය වෙනුවෙන් මෙම සම්මානය හිමිවී ඇති අතර, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වා ඇත. එහිදී කතානායකවරයා අතින් ශ්‍රී ලංකන් කේටරින් වෙත හිමිවූ රන් සම්මානය එහි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා විසින් ලබාගන්නා ලදී.
ශ්‍රී ලංකන් කේටරින් අංශය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය ලොවපුරා ඇති ප්‍රධාන ගුවන් සමාගම් 24ක් වෙත සේවා පහසුකම් සපයයි. ලොව පුරා ඇති ප්‍රධාන ආහාර සැපයුම් සමාගම් අතරින් ශ්‍රී ලංකන් කේටරින් අංශය ප්‍රධාන තැනක් හිමිකරගෙන තිබේ. එසේම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ක්‍රියාත්මක වන සියලු ගුවන් සේවා සඳහා ගුවන් යානා අභ්‍යන්තර ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වන්නේද ශ්‍රී ලංකන් කේටරින් අංශය බව ඔවුන් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

