විදේශ ප්‍රේෂණ 2018 දී ඇ.ඩො.බි. 7ක් දක්වා සියයට 2.1ක අඩුවීමක්
- 14 03 2019
- 10:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2018 වසරේ දෙසැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 13.0%කින් පහළ යෑමත් සමග 2018 වසරේදී ඇ.ඩො.බිලියන 7ක් දක්වා 2.1%කින් සුළු අඩුවීමක් වාර්තා කර තිබේ.
ඒ අනුව, දෙසැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 584ක් දක්වා 13.0%කින් අඩුවී තිබේ.
එමෙන්ම, සමුච්චිත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේ වාර්තා වූ ඇ.ඩො.මිලියන 7,164 ට සාපේක්ෂව, 2018 වසරේදී ඇ.ඩො.මිලියන 7,015ක් දක්වා 2.1%කින් පහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
