ව්‍යවසායිකාවන් දිරිමත් කිරීමට කොමර්ෂල් බැංකුව පෙරට එයි
ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට සහාය වීම සඳහා දියත් කර ඇති නවතම හදුන්වා දීම වන ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්රමයේ සහභාගීත්ව කොටස් හිමි ආයතනයක් (PSI) ලෙස ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නගමින් කොමර්ෂල් බැංකුව කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය ප්‍රවේශය ඉදිරියට ගෙන යමින් බැංකුවේ දිගුකාලීන කැපවීම යළිත් තහවුරු කර තිබේ.
මෙම යෝජනා ක්රමයේ මෙහෙයුම් දියත් කිරීම, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී පළමු ණය ලියාපදිංචිය භාර දීමෙන් සනිටුහන් කරන ලදී.
මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිණී - පුද්ගලික බැංකුකරණය මිතිලා ෂාමිනි මහත්මිය, සංවර්ධන ණය අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මාලික ද සිල්වා මහතා, සහ එම අංශයේ විධායක නිළධාරි චතුර ඩිල්ෂාන් මහතා යන අය සහභාගී වූහ. ජාතික ණය ඇපකර ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිළධාරි ජූඩ් ප්‍රනාන්දු මහතා සහ ඇපකර පරිපාලන අංශයේ කළමනාකරු එරන්ජන චන්ද්‍රදාස මහතා සහභාගී විය.
‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය ශක්‍ය වූ ව්‍යාපාර ආකෘති සහ හොඳ ආපසු ගෙවීමේ හැකියාවක් ඇති නමුත් සාම්ප්‍රදායික බැංකු ණය ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් ඇපකරයක් නොමැති, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) වලට මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වැඩි අවස්ථාවක් සලසා දීම වෙනුවෙන් NCGIL විසින් හඳුන්වා දෙන ලද ණය ඇපකර ක්රමවේදයකි. NCGIL හි ණය ඇපකර යාන්ත්‍රණය හරහා කොමර්ෂල් බැංකුවට කාන්තා ව්‍යවසායකයින් බොහෝ පිරිසකට ණය ලබා දීමට හැකි වන අතර එමගින් සියලු දෙනාම අන්තර්ගත වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ බැංකුවේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යනු ඇත.
මෙම සහයෝගීතාවය හරහා කාන්තා මූලිකත්වයෙන් යුත් ව්‍යාපාරවලටම විශේෂිත වූ ණය ඇපකරවල සහය ඇතිව, තරඟකාරී පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව ලබා දෙන අතර, එමගින් එම ව්‍යාපාර ව්‍යාප්ත වීමට ඇති විශාලත ම බාධකය ඉවත් කරයි.
ඉලක්කගත මූල්‍ය විසඳුම්, පුහුණුව සහ උපදේශන සහය තුළින් ව්‍යාවසායකයින් ශක්තිමත් කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දරණ අඛණ්ඩ උත්සාහයන්ට මෙම මුලපිරීම තවත් අගය එකතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

