ලෝක බැංකු අධ්යක්ෂවරයා මහ බැංකු අධිපති හමුවෙයි
මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වොස් මහතා, ශී ලංකාව සඳහා වන කළමනාකාරිනී චියෝ කන්ඩා මහත්මිය සමග, ඊයේ (23දා) මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා හමුවී තිබේ.
දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු රැසක් එහිදී සාකච්ඡා වී ඇත. මහ බැංකු අධිපති ලක්ෂ්මන් මහතා විසින් නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන් නිෂ්පාදනය සහ නවෝත්පාදන ධාරිතාව ශක්තිමත් කිරීමටත්, එමගින් රටවල ආර්ථික ස්ථායීතාව සහ කම්පනවලට ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීමටත් බහුපාර්ශ්වීය මූල්‍ය ආයතන මගින් ලබාදෙන සහාය පිළිබඳව නැවත සලකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ අංශවලට, විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ මෙන්ම, අවිධිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ වෙත දැනට ලබාදී ඇති සහ අනාගතයේදී ලබාදිය හැකි සහාය, සාකච්ඡා කළ අනෙකුත් කරුණු අතර වූ බව මහ බැංකුව පවසයි.

popular news
-
Don Monday, 26 October 2020 05:09 PM
His height also depicts his superiority.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

