ලාෆ්ස් සමූහයට අනුබද්ධ ලාෆ්ස් පවර් කොටස් වෙළෙඳ පොළට
ලාෆ්ස් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් පවර් ලිමිටඩ් අද (30දා) කොළඹ කොටස් වෙළෙඳ පොළේ ද්වීතියික කොටස් ගනුදෙනු ආරම්භ කරනු ලැබීය.
මෙම අවස්ථාව වෙනුවෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඇරඹීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවක් සංවිධානය වූ අතර, එම අවස්ථාවට ලාෆ්ස් සමූහයේ විධායක සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය, කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති රේ අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ලාෆ්ස් පවර් ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 335ක් හා ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් මිලියන 52ක් කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත වූ අතර, 2019 මාර්තු 31 දිනට ලාෆ්ස් පවර් ලිමිටඩ් හි ප්‍රකාශිත ප්රාග්ධනය රු.බිලියන 1.88ක් ලෙස සටහන් විය.
ලාෆ්ස් පවර් ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස්වලින් 74.02%ක හිමිකාරීත්වය ලාෆ්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සතුවන අතර, එහි 17.28%ක හිමිකාරීත්වය සේවක අර්ථසාධක අරමුදල සතු වෙයි. එසේම ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්වලින් 34.69%ක හිමිකාරීත්වයත් සේවක අර්ථසාධක අරමුදල සතු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

