ලංකා වාණිජ මණ්ඩලය BCCS 2026 සමාරම්භක සම්මන්ත්‍රණය පවත්වයි
නවීකරණය කරන ලද ‘විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන’ (Best Corporate Citizen Sustainability Awards - BCCS) 2026 එළිදැක්වීමෙන් අනතුරුව, ඒ පිළිබඳව ව්‍යාපාරික ක්ෂේත්රය දැනුවත් කිරීමේ විශේෂ සමාරම්භක සම්මන්ත්‍රණයක් 2026 ජූලි 30 වැනිදා පස්වරු 2.00 ට ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙමඟින් ඇගයීම් රාමුවේ සිදුව ඇති වෙනස්කම් සහ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතා පිළිබඳව ව්‍යාපාරික ආයතන වෙත පුළුල් අවබෝධයක් ලබා දීමට අපේක්ෂිතය.
නව BCCS ඇගයීම් රාමුව යටතේ පාර්ශ්වකරුවන්ගේ දායකත්වය (Stakeholder Engagement), ද්‍රව්‍යමය තක්සේරුව (Materiality Assessment), ESG (පරිසර, සමාජීය සහ පාලන) උපාය මාර්ග, මැනිය හැකි ඉලක්ක, කාර්යසාධනය නිරීක්ෂණය කිරීම සහ දිගුකාලීන තිරසාර සැලසුම්කරණය වැනි ප්‍රධාන ක්ෂේත්රයන් ඇගයීමට ලක්වන ආකාරය පිළිබඳව සහභාගිවන්නන්ට මෙහිදී පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.
තිරසාරත්වය පිළිබඳ අපේක්ෂාවන් නිරන්තරයෙන් විකාශනය වන වත්මන් ව්‍යාපාරික වටපිටාව තුළ, සංවිධානයක් විසින් සිදුකරනු ලබන තිරසාර මුලපිරීම් (Sustainability Initiatives) ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව, තීරණ ගැනීමේ ක්‍රියාවලිය, ආයතනික පාලන ව්‍යුහය, අවදානම් කළමනාකරණය සහ සමස්ත ව්‍යාපාරික උපාය මාර්ග සමඟ ESG සාධක බද්ධ කර ඇති ආකාරය පෙන්වා දීමට ද වර්තමානයේදී ආයතනවලට සිදුවේ. සාක්ෂි පදනම් කරගත් හෙළිදරව් කිරීම් (Evidence-based Disclosures), මැනිය හැකි ප්‍රතිඵල සහ අනාගතය ඉලක්ක කරගත් කැපවීම් හරහා සමාගම්වල තිරසාරත්ව ගමන නිවැරදිව ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සැසියේදී මඟපෙන්වීම් සැපයෙනු ඇත.
එසේම, බලපෑම සහ මූල්‍යමය ද්රව්යමයභාවය (Impact and Financial Materiality) ඇගයීම, ප්‍රධාන තිරසාර ප්‍රමුඛතා හඳුනා ගැනීම, ඉලක්ක සකස් කිරීම සහ කාලයත් සමඟ ලබා ඇති ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ද මෙම සම්මන්ත්‍රණයේදී විස්තර කිරීමට නියමිතය.
BCCS 2026 නව රාමුව සකස් කර ඇත්තේ හුදෙක් තනි තනිව සිදුකරන තිරසාර ව්‍යාපෘතිවලින් ඔබ්බට ගොස්, ව්‍යාපාර කටයුතු මෙහෙයවන ආකාරය, වටිනාකම් නිර්මාණය කිරීම සහ අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා තිරසාරත්වය තමන්ගේ දෛනික ක්‍රියාවලියට බද්ධ කර ඇති ආකාරය ප්‍රායෝගිකව පෙන්වා දෙන සංවිධාන ඇගයීමට ලක්කිරීම සඳහාය.
BCCS 2026 සම්මාන උළෙල සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන සියලුම ව්‍යාපාරික ආයතනවලට මෙම සමාරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වී, සංශෝධිත ඇගයීම් ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගන්නා ලෙස ලංකා වාණිජ මණ්ඩලය ආරාධනා කර සිටියි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ඕෂධී : [email protected] හෝ අශානි : [email protected] සම්බන්ධ කර ගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

