රොසෙල් “Imperium 2026” අභිමානවත් ලෙස නිමාව දකියි
ජයග්‍රහණයේ අභිමානය, නවෝත්පාදනය සහ නොසැලෙන සාමූහික එකමුතුව පෙරදැරි කරගනිමින්, රොසෙල් සංවිධානය කළ ‘Imperium 2026’ වාර්ෂික අලෙවි සමුළුව සහ විශිෂ්ටතා සම්මාන උළෙල, පසුගිය ජුනි 06දා කොළඹ Cinnamon Life හි Lumina උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජනය කරමින් රොසෙල් අලෙවි නියෝජිතයින් එකම වහලක් යටට එක්වූ මෙම සුවිශේෂී ව්‍යාපාරික මුලපිරීම, සමාගම පසුගිය කාලසීමාව තුළ සනිටුහන් කළ සන්ධිස්ථානීය ජයග්‍රහණ සැමරීමටත්, වෘත්තීය දැනුම හුවමාරු කරගනිමින් ව්‍යාපාරයේ අනාගත ගමන් මඟ දෙස සුබවාදීව බැලීමටත් කදිම වේදිකාවක් නිර්මාණය කළේය.
පසුගිය වසර කිහිපය පුරා රොසෙල් අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සිහිපත් කෙරුණු අතර, මෙතෙක් පැමිණිගමන් මඟපිටුපස පැවතියේ සමස්ත කණ්ඩායමේම නොසැලෙන කැපවීම සහ සාමූහික ප්රයත්නය බව අවධාරණය කෙරිණි. එහිදී සභාව ඇමතූ අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන අධ්යක්ෂ තරණ තෝරදෙණිය මහතා, සමාගමේ ඉදිරි ව්‍යාපාරික උපායමාර්ග සහ වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත නව නිෂ්පාදන ක්‍රියාවලීන් පිළිබඳවකරුණු ඉදිරිපත් කරමින්, අනාගතයේදී උදාවන නව අවස්ථා පිළිබඳව පැහැදිලි ආයතනික දැක්මක් ඉදිරිපත් කළේය.
මෙම සමුළුවේ වඩාත්ම ආකර්ෂණීය අංගය වූයේ විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවයයි. එහිදී ඉහළම අලෙවි කාර්යසාධනයක් ප්‍රදර්ශනය කරමින් සමාගමේ ප්‍රගතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ දක්ෂතම සේවකයන්, ප්රදර්ශනාගාර සහ ප්‍රාදේශීය අලෙවි කණ්ඩායම් ඇගයීමට ලක් කරමින් මෙහිදී සම්මාන ප්රදානය කෙරිණි.
ඉදිරි වසරවලදී ද තිරසාර වර්ධනයක් අත්කර ගනිමින් කර්මාන්තයේ ප්‍රමුඛතම ස්ථානය තහවුරු කර ගැනීමටත්, පොදු අරමුණක් වෙනුවෙන් එකමුතුව ක්‍රියා කිරීමටත් සමස්ත රොසෙල් කණ්ඩායම නව ජවයකින් සහ විශ්වාසයෙන් යුතුව පෙළගැසෙමින් මෙම සාර්ථක සමුළුව නිමාවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

