රු.මිලියන 800ක ආයෝජනයෙන් තවත් ඖෂධ නිෂ්පාදන කම්හලක්
ශ්‍රී ලංකාවේ දෙවැනි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ මිල්ලෑව ප්‍රදේශයේදී සිදුව තිබේ.
රු. මිලියන 800ක ආයෝජනයකින් සිදුවන මෙම ව්‍යාපෘතියෙන්, තරුණ තරුණියන් 60කට රැකියා හිමිවන බව සඳහන් වෙයි.
ප්‍රතිජීවක ඖෂධවල බෙහෙත් පෙති සහ කරල් මෙම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කිරීමට නියමිත අතර, මෙය Navesta පෞද්ගලික සමාගමේ ආයෝජනයකි.
ඔවුන් මේ වනවිට ප්‍රතිජීවක ඖෂධ වර්ග 12ක් නිෂ්පාදනය කරන අතර, එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙයි. පළමු කර්මාන්ත ශාලාව තුලින් තරුණ තරුණියන් 140කට රැකියා අවස්ථා හිමිව ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා දෙස් විදෙස් සමාගම් 36ක් ගිවිසුම් අත්සන් කර ඇති අතර, පසුගිය 5දා මුල්ගල් තබනු ලැබුයේ 11 වැනි කර්මාන්ත ශාලාව වෙනුවෙනි.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, Navesta පෞද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

