රු මිලියන 130ක වියදමින් ගිරිඋල්ලට නව පාලමක්
රු.මිලියන 130ක වියදමින් ගිරිඋල්ල, දියගම්මල ප්‍රදේශයේ ඉදිකරන ලද නව පාලම විවෘත කිරීම පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතා විසින් සිදු කරන ලදී.
මීගමුව ගිරිඋල්ල මාර්ගයේ අංක 32/2 පැරණි පාලම වෙනුවට මෙම නව පාලම ඉදිකර ඇත. මේ සඳහා ප්‍රංශ රජය මූල්‍යමය දායකත්වය ලබාදී ඇති අතර මහාමාර්ග, වරාය හා නාවික ආමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය අධීක්ෂණ කටයුතු සිදු කර තිබේ. මෙම නව පාලමෙහි දිග අඩි 70ක් වන අතර පළල අඩි 30කි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ප්‍රංශ රජයේ තානාපති මොන්චාවු ජින් පෝල්, බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලංසා ඇතුළු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින්ද, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

