රුපියල කඩාවැටීම කියන්නෙ ආර්ථිකය කඩා වැටීම නොවෙයි
රුපියල කඩාවැටීම කියන්නේ ආර්ථිකය කඩා වැටීම නොවන බවත්, විනිමය අර්බුදය වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙතෙක් වැයකර ඇත්තේ ඇ.ඩො.මිලියන 250ක් පමණක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා තිබුණේ අද (09දා) පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අද ආර්ථිකේ ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා මුදල් ඇමැති කාලේ, 2012 දී මාස තුනක් තුළ රුපියල 14%කින් අවප්‍රමාණය වුණා. ඒක වළක්වා ගන්න බිලියන 4.1ක් වියදම් කළා. අපනයන අඩපණ වුණේ එතුමාගේ කාලේ. 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 33%ක් වුණු අපනයනය 2014 වෙද්දි 14%ට බැස්සුවා.
අපි මේ අර්බුදය වෙනුවෙන් වැයකරල තියෙන්නේ ඩොලර් මිලියන 250ක් විතරයි. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රේමාණය වෙලා තියෙන්නේ 10%කින් විතරයි. අපි තමයි මේ අර්බුදයට හොඳින්ම මුහුණ දීලා තියෙන රට. පකිස්තානය, ඉන්දියාව වගේ රටවල් අපට වඩා අර්බුදවල ඉන්නේ.
රුපියල කඩාවැටීම කියන්නේ ආර්ථිකය කඩා වැටීම නෙවෙයි. අපි ගමන් කරමින් ඉන්නේ අපනයන ආර්ථිකයක් කරා. මේ අර්බුදය හමුවේ ඉතාම පැහැදිලිව පේනවා, අපි නිවැරැදි මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටින බව. මේ සියලු දේ හමුවේ අපි සංවර්ධන අඩු කරලා නෑ. අධිවේගී මාර්ගවල කටයුතු කෙරෙනවා. බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය අවසන් අදියරට ළඟා වෙලා තියෙනවා." යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

