රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප නියමිත දිනට පෙර
- 18 05 2021
- 12:05
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
රාජ්‍ය සේවයකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබා දීමට රජය තීරණය කර තිබේ. පවතින කොවිඩි-19 වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි.
මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්ට මැයි මසට අදාළ වැටුප ලබන 21 වැනි සිකුරාදා ලබාදෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
