රාජ්‍ය ආයතන කාර්යසාධනයන් ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න
සියලුම අංශවල රජයේ ආයතනවල ක්‍රියාකාරිත්වය විමර්ශනය කර එය වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සියලුම ව්‍යාපාරික අධ්‍යාපන ආයතනවලට ආරාධනා කර සිටියි.
NSBM හරිත විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනලද ව්‍යාපාරික නවෝත්පාදන පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡා සමුළුවේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
රජයේ සියලුම ආයතනවල ක්‍රියාකාරීත්වය විමර්ෂණය කර අකාර්යක්ෂමතාවය, නාස්තිය සහ දූෂණය පිටුදැක ඒවායේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස රටේ සියලුම ව්‍යාපාරික අධ්‍යාපන ආයතනවලට අමාත්‍යවරයා මෙහිදී ආරාධනා කර තිබේ.
සිය දේශනය ආරම්භයේ දී මෙවැනි සාකච්ඡා සමුළුවක් සංවිධානය කිරීම ගැන හරිත විශ්වවිද්‍යාලයට ස්තූති කළ ඇමැතිවරයා, එම විශ්වවිද්‍යාලය දැනට රටේ තිබෙන හොඳම ව්‍යාපාරික අධ්‍යාපන ආයතනය විය හැකි යැයි ද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

