යුරෝපා සංගමයේ වෙළෙඳ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ යුරෝපීය සංගමය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 නොවැම්බර් 17 සිට 22 දක්වා යුරෝපීය සංගමයේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ආනයනකරුවන් සහ නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත වෙළඳ දූත පිරිසකගේ හමුවක් සාර්ථකව සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනේ සමාරම්භය 2025 නොවැම්බර් 17 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ආරම්භ විය. සමාරම්භක උත්සවය යුරෝපීය සංගමයේ වෙළඳ දූතයින්, ශ්‍රී ලංකා සමාගම්, සහතික කිරීමේ ආයතන සහ අදාළ රජයේ ආයතන එක්රැස් කරන සැසියකින් සමන්විත විය. මෙම දූත පිරිසට බෙල්ජියම, ප්‍රංශය සහ ඉතාලිය ඇතුළු ප්‍රධාන යුරෝපීය වෙළඳපොළවල නියෝජිතයින් ඇතුළත් විය.
විශේෂයෙන්ම, බෙල්ජියමේ ප්‍රධාන සිල්ලර වෙළඳ ජාලයක් වන Colruyt Group සමාගම සහ වෙනත් නියෝජිතයින් හත් දෙනෙකු තම සහභාගීත්වය සනාථ කළ අතර මෙය ශ්‍රී ලංකා සාධාරණ වෙළඳ නිෂ්පාදන සඳහා ඇති ප්‍රබල උනන්දුව පෙන්නුම් කරයි. Fair Trade Italy, Fair Trade Belgium, Fair Trade France ඇතුළු ජාතික සම්මේලන සංවිධානවල (NFOs) නිලධාරීන්ගේ සහභාගීත්වය තහවුරු කිරීමෙන් බ්‍රසල්ස් තානාපති කාර්යාලය විසින් සංවිධාන කටයුතු දියුණු කළේය.
නොවැම්බර් 18 සිට 22 දක්වා සාධාරණ වෙළඳ සහ කාබනික සහතිකයක් ලත් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ ආයතන වෙත ගැණුම්කරුවන් හමුවීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු සකස් කරනු ඇත. මෙම වැඩසටහනට සෘජු ව්‍යාපාර හමුවීම්, ක්ෂේත්‍ර චාරිකා සහ දැනුම හුවමාරුකර ගැනීමේ ව්‍යාපාරික අවස්ථා සාකච්ඡා කිරීම සඳහා සංසද ඇතුළත් වෙයි. සාධාරණ වෙළඳ නිෂ්පාදකයින් සඳහා ලබා ගත හැකි රජයේ සහාය යාන්ත්‍රණයන් වැනි අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රජයේ ආයතන සහ සහතික කිරීමේ ආයතන සමඟ රැස්වීම් ද අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ඇත.
කුළුබඩු, සහල්, පොල්, පළතුරු සහ තේ ඇතුළු නිෂ්පාදන අංශවල ශ්‍රී ලංකා අපනයනකරුවන් හමුවීමට මෙම සංචාරයේදී යුරෝපීය දූත පිරිසට හැකියාව ලැබෙනු ඇත.තිරසාර වෙළඳ හවුල්කාරිත්වයන් සඳහා නව නීති රාමු නිර්මාණය කිරීම, යුරෝපීය සංගමයේ ක්‍රියාත්මක වන Fair Trade Town පද්ධති සමඟ ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ ගොවි සංවිධාන සම්බන්ධ කරන නව්‍ය සංකල්පය පිළිබදවද අපනයන සංවර්ධන මණ්ඩලය සාකච්ඡා කළේය.
2025-2026 සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4-6 ක පමණ යුරෝපීය සංගමයට ඇණවුම් වැඩි කිරීම ඉලක්ක කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය මෙම මුලපිරීමෙන් සැලකිය යුතු ප්‍රතිඵල අපේක්ෂා කරයි. නව සමාගම් සාධාරණ වෙළඳ නිෂ්පාදන අපනයනට දිරිමත් කිරීම මෙන්ම යුරෝපීය සුපිරි වෙළඳසැල් දාමවලට ඇතුළුවීමට ඒකාබද්ධ ව්‍යාපාර පහසු කිරීම වැඩසටහනේ අරමුණ විය. තවද සමාගම් සඳහා සුපිරි වෙළඳසැල් වටිනා දාම වෙත සෘජු සම්බන්ධතා ස්ථාපිත කිරීම සහ ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ ජාල යුරෝපයේ Fair Trade Town සංකල්පය සමඟ සාර්ථකව සම්බන්ධ කිරීම අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරයි.
යුරෝපීය සංගමය ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන සඳහා සැලකිය යුතු වෙළඳපොළක් වේ. 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 10.7 ක් ලෙස තක්සේරු කරන ලද ගෝලීය සාධාරණ වෙළඳ සහතික වෙළඳපොළ 2033 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 23.6 ක් දක්වා ළඟා වනු ඇතැයි උපකල්පනය කර ඇති අතර එය වාර්ෂිකව 9.2%ක ශක්තිමත් වර්ධන වේගයකි. 2023 දී මෙරට සාධාරණ වෙළඳ නිෂ්පාදන අපනයන ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් උත්පාදනය කර ඇති අතර අපනයන සමාගම් 72 ක් සහ තිරසාර නිෂ්පාදන ක්‍රමවල නියැලී සිටින ගොවීන් 28,000 කට ආසන්න ප්රමාණයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

