මොණරාගල සහ මඩකලපුව SMEs විකල්ප මුදල් රැස්කිරීම් ගැන දැනුවත්
ශ්‍රී ලංකාවේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා ඇති විකල්ප මුදල් රැස්කිරීමේ ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව දීපව්‍යාප්තව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස, කොළඹ කොටස් හුවමාරුව (CSE), ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri Lanka) එක්ව සංවිධානය කළ නිකුතුකරුවන්ගේ සංවාද මණ්ඩප (Issuer Forums) මාලාවක් පසුගිය සතියේ මොණරාගල සහ මඩකලපුව යන ප්‍රදේශවලදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
මෙම සංවාද මණ්ඩප පසුගියදා මොණරාගල සිලාන්රිච් හෝටලයේදී සහ මඩකලපුව FG ගෝල්ඩන් රිවර් හෝටලයේදී පැවැත්විණි.
මෙම නිකුතුකරුවන්ගේ සංවාද මණ්ඩප මගින් සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ශක්තිමත් කරගැනීම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ හරහා වර්ධන අවස්ථා ලබාගැනීම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන ලදී. මීට අමතරව, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය සුදුසුකම් ශ්‍රේණිගත කිරීමේ රාමුව (SME Creditworthiness Rating Framework), SME සඟරාව, ව්‍යවසායක සම්මාන වැඩසටහන සහ දිගුකාලීන ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා යහපත් මූල්‍ය කළමනාකරණ පුරුදු පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එසේම, මූලික මහජන නිකුතු (IPOs), නියාමන අවශ්‍යතා, පවුලේ ව්‍යාපාරවල අනුප්‍රාප්තික සැලසුම්කරණය (Succession Planning) සහ කොළඹ ව්‍යාපාරික වස්තු හුවමාරුවේ 'Empower Board' හරහා ලබාගත හැකි අවස්ථා පිළිබඳව ද සහභාගී වූවන් පුළුල් අවබෝධයක් ලබාගත්හ. මෙම වැඩසටහන් අවසානයේ පැවැත්වුණු විෂය ප්රවීණයන්ගේ සංවාද මණ්ඩප මගින් සහභාගිවන්නන්ට කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් සමඟ සෘජුවම අදහස් හුවමාරු කරගැනීමටත්, තම ව්‍යාපාර ප්‍රමානත්මකව වර්ධනය කිරීම සහ ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසීමට සූදානම් වීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබාගැනීමටත් අවස්ථාව හිමිවිය.
මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ කථිකයන් අතර, SEC හි ආයතනික කටයුතු අධ්යක්ෂ මනුරි වීරසිංහ මහත්මිය, SEC හි ආයතනික කටයුතු කළමනාකාරිනී සෙමිණි කුරුප්පු මහත්මිය, CA ශ්‍රී ලංකා හි SME කොනෙක්ට් කමිටුවේ අතිරේක සභාපති, කවුන්සිල සභික සහ RTA ශ්‍රී ලංකා හි කළමනාකාර සහකරු සමන් ශ්‍රී ලාල් මහතා, M Power Capital Securities Limited හි ප්‍රධාන විධායක නිලධාරී ලක්මාල් ජයරත්න මහතා, Deloitte ශ්‍රී ලංකා හි සහකාර අධ්‍යක්ෂිකා කෘෂ්ණවේණි කාර්මේගම් මහත්මිය, First Capital Holdings PLC හි කෝපරේට් ෆයිනෑන්ස් ඇන්ඩ් ඇඩ්වයිසරි හි උපසභාපති අච්චුතන් ශ්‍රී රංගන් මහතා, කොළඹ කොටස් හුවමාරුවේ (CSE) වාණිජ අංශයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිනි පුණ්යමාලී සපරමාදු මහත්මිය සහ CSE හි වාණිජ අංශයේ කළමනාකාරිනී හිමාෂි වික්‍රමසිංහ මහත්මියද වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
