මෙරට සංවර්ධනය ඉන්දීය මාධ්‍යවේදීහු අගයති
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් කලාපයේ වෙනත් රටක දක්නට නොලැබෙන බවත්, යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රතිඵල ග්‍රාමීය ජනතාව ඉහළින්ම භුක්ති විඳින අතර, ඉදිරි දශකය තුළදී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වනු ඇතැයි ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මාධ්‍ය දූත පිරිසක් පැවසූ බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය ප්‍රාන්ත 14ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මාධ්‍ය දූත පිරිස පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළ කොට ඇති බව පැවසෙයි.
ඉන්දීය රජයේ ආධාර යටතේ උතුරේ සහ වතුකරයේ ඉදිවන නිවාස 50,000 වැඩසටහන සහ යාපනය දක්වා දිවෙන දුම්රිය මාර්ගය ඉදිකිරීම ඇතුළු උතුරු නැගෙනහිර සංවර්ධන වැඩසටහන් කෙරෙහි ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා දක්වන උනන්දුව ඉන්දීය නියෝජිතයෝ මෙහිදී ඇගයුමට ලක්කළ බවද පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

