මෙරට ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය Yamaha FZ-S Fi හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී හදුන්වා දෙන ලදී.
මෙය මෙරට යතුරුපැදි කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර, නවීන යතුරුපැදි ධාවකයන් සඳහා සුදුසු කාර්යක්ෂම ගමනාගමන විසඳුම් සැපයීමට කැපවූ ප්රමුඛයෙකු ලෙස Yamaha හි ස්ථාවරය තහවුරු කරයි.
Yamaha Motor හි ගෝලීය පර්යේෂණ හා ඉංජිනේරු පළපුරුද්දෙන් සංවර්ධනය කළ හයිබ්‍රිඩ් සහාය පද්ධති (hybrid assist) තාක්ෂණය භාවිත කරමින් Yamaha FZ-S Fi Hybrid, වැඩි කාර්යක්ෂමතාව, ප්රතිචාරශීලීත්වය සහ බුද්ධිමත් ශක්ති භාවිතය මගින් දෛනික ගමනාගමනය පහසු කරයි.
විශේෂයෙන් නාගරික ධාවන තත්ත්වයන් හිදී, මෘදු වේග වර්ධනය සහ ප්රශස්ත ශක්තිය ලබා දීමසඳහා සහාය වෙමින්, ඉන්ධන මිල ඉහළ යාම සහ ගමනාගමනය සඳහා ඇති වැඩිවන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට හයිබ්‍රිඩ් සහය පද්ධතිය දායක වෙයි.
ශ්‍රී ලංකාවේ FZ සන්නාමයේ සාර්ථක උරුමය මත පදනම් වූ මෙම නව හයිබ්‍රිඩ් මාදිලිය, FZ පෙළ, තරුණ වෘත්තිකයන් හා ධාවකයින් අතර ආකර්ෂණීය පෙනුම හා ධාවන පහසුව අඛණ්ඩව පවත්වා ගනියි. මෙය සරල යතුරුපැදියක් ලෙස නොව, පරිසරය පිළිබඳ සංවේදී සහ තාක්ෂණ හිතකාමී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලන උසස් ගමනාගමන විසඳුමක් ලෙස නිර්මාණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

