2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11554.32 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61%ක වර්ධනයකි.
2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,607.58කි. මෙය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2.57%ක වාර්ෂික වර්ධනයකි. ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළදපොළ ප්‍රවේශය පුළුල් කිරිමටත්, ගෝලීය තරගකාරිත්වය වැඩිදියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම මෙයින් පිළිබිඹු කරයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“ මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීම සහ වෙළදපොල අවස්ථා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරීමට දරන උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරනවා. අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී තිබෙනවා. අගෝස්තු මාසයේදී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ලෙස වර්ධනය වී ඇති අතර පළමු මාස අට තුළ ඇමරිකානු ඩොලර් බිලියන 11ක් ඉක්මවා ගිහින්. ගෝලීය අභියෝග මධ්‍යයේ අපනයනකරුවන්ගේ ශක්තිමත්භාවය මෙයින් පිළිබිඹු කරනවා. ඉදිරි අනපේක්ෂිත තත්ත්වයන් පිළිබද සැලකිලිමත් වෙමින්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීම තුලින් 2025 අපනයන ඉලක්කය සපුරා ගත හැකි බවඅප විශ්වාස කරනවා. ”
2025 අගෝස්තු මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය පෙර වසරට සාපේක්ෂව 5.13%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,294.83ක් දක්වා ළගා වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත ආදායමද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 9,092.85 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව 6.89%ක වැඩිවීමකි.
සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍රධාන ශක්තියක් වී ඇත. අගෝස්තු මාසයේදී සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 312.75 කි. වසරේ මුල් මාස අට තුළ සේවා අපනයනය 5.57 %කින් වර්ධනය වි ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 2,461.46 කි. මෙම ප්‍රවණතාවය ශ්‍රි ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදුකරයි.