මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්
මීරිගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මෙතෙක් අත්‍යවශ්‍යව තිබූ ECG යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා බ්‍රැන්ඩික්ස් සමාගම කටයුතු කර තිබේ.
එම රෝහලේ මෙතෙක් කලක් විද්‍යුත් හෘද රෝග යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් (ECG) පරීක්ෂණ මන්දගාමී වීම නිසා බොහෝ රෝගීන්ට ගැටලුවලට මුහුණ පාන්නට හේතු වූ අතර, එම පරීක්ෂණය කරගැනීම සඳහා බොහෝ දුරගෙවා වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමටද ඒ සඳහා අධික මුදලක් ගෙවීමට සිදුව තිබුණි.
මීරිගම මූලික රෝහලේ බලධාරීන් පැවසුවේ බ්‍රැන්ඩික්ස් සමාගම විසින් (ECG) යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් පසු තම රෝහලේ සත්කාර සේවා සැලකිය යුතු ලෙස වැඩි දියුණුවී ඇති බවත්, ඒ හේතුවෙන් වටිනා ජීවිත රැසක් බේරාගත හැකි වන බවත් ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සපයන්නෙකු වන බ්‍රැන්ඩික්ස්, දශක දෙකකට වැඩි කාලයක් පුරා රටේ සෞඛ්‍ය සේවා සඳහා ප්රමුඛ දායකත්වයක් ලබාදෙන්නෙකු වී ඇත. මෙම සමාගම අඛණ්ඩව වසර 14 කට වැඩි කාලයක් දිවයින පුරා ජීවිත සහ ප්‍රජාවන් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ද වේ.
එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී නිර්මාල් පෙරේරා මහතා කියා සිටියේ වසර ගණනාවක සිට තම සමාගම ආදර්ශ ගම්මාන වැඩසටහන හරහා සමාජ, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා වැඩි දියුණු කිරීම වැනි අර්ථවත් වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
