මහ බැංකුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව එලැඹෙන ජුනි 05 සහ 06 යන දිනවල ත්‍රිකුණාමලයේදී ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇති බව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය. මෙම වැඩසටහන රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම, මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳව ඇති දැනුම්වත්භාවය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව සිදුකරන ලබයි.
බැංකු, මූල්‍ය සමාගම් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා ත්‍රිකුණාමලය මධ්‍යම බස් නැවතුම්පොළ අසල රථගාලේදී මෙම වැඩසටහන පැවැත්වේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගය සහිතව "ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු" යන තේමාව යටතේ දියත් කරන ලද ජාතික වැඩසටහනේ මීළඟ අදියරයි. මීට පෙර, හම්බන්තොට, නුවරඑළිය, දඹුල්ල සහ කුරුණෑගල ප්රදේශවලද මෙවැනිම ප්‍රවර්ධන වැඩසටහන් සාර්ථකව පවත්වන ලද අතර, එමගින් ශ්‍රී ලාංකිකයන් අතර පුළුල් දැනුම්වත්භාවයක් ඇති කරමින් ව්‍යාපාරවලට සහ මහජනතාවට ඩිජිටල් ගෙවීම්වල පහසුව සහ ප්රතිලාභ අත්විඳීමට පහසුකම් සලසන ලදී.
මෙම වැඩසටහන මගින් මහජනතාවට පුළුල් පරාසයක පවතින ඩිජිටල් ගෙවීම් සේවා සඳහා ලියාපදිංචි වී එම සේවා ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා අවශ්‍ය සහාය බැංකු, මූල්‍ය සමාගම් සහ විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු මූල්‍ය ආයතනවලින් මෙන්ම, LANKAQR ගෙවීම් ක්‍රමවේදය ඇතුළු ඩිජිටල් ගෙවීම් පද්ධති සහ ක්‍රමවේද ක්‍රියාත්මක කරනු ලබන ලංකාපේ (පුද්.) සමාගම වෙතින්ද ලබා ගැනීමට හැකිවනු ඇත. මෙම වැඩසටහනට සහභාගිවන්නන් හට වැඩසටහන් පරිශ්‍රය තුළ පිහිටා ඇති වෙළෙඳ කුටිවලින් වට්ටම් සහිත මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සහ ඒ හරහා ඩිජිටල් ගෙවීම්වල පහසුව ප්‍රායෝගිකව අත්විඳීමටද අවස්ථාව ලැබේ. මීට අමතරව, ව්‍යාපාරික ආයතනවලට LANKAQR ගෙවීම් අත්පත් කරගැනීමේ පහසුකම ලබාදීම සඳහා මූළ්‍ය ආයතන විසින් ත්‍රිකුණාමලය නාගරික ප්‍රදේශයේ විශේෂ වැඩපිළිවෙළක්ද පවත්වනු ඇත.
මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මඟපෙන්වීම සහ සහාය තුළින් ඩිජිටල් ගෙවීම්වල ඇති පහසුව පිළිබඳව සිය දැනුම්වත්භාවය ඉහළ නංවා ගැනීම සඳහා මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ලෙස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහජනතාවට සහ ව්‍යාපරික ප්‍රජාවට ශ්‍රී ලංකා මහ බැංකුව ආරාධන කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

