මහජන බැංකුව ISO 22301:2019 ලත් ප්‍රථම ලාංකේය රාජ්‍ය බැංකුවයි
මහජන බැංකුව, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System -BCMS) සඳහා ජාත්‍යන්තරව පිළිගත් ISO 22301:2019 සහතිකය හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකේය රාජ්‍ය බැංකුව බවට පත්වෙමින් සිය ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය.
ලොව ප්‍රමුඛතම සහතිකකරණ සමාගමක් වන බියුරෝ වෙරිටාස් (Bureau Veritas) ආයතනය විසින් මහජන බැංකුවේ ව්‍යාපාර අඛණ්ඩතා රාමුව සහ මෙහෙයුම් ක්‍රියාවලියේදී ඇතිවන බාධාකාරි තත්ත්වයන්ට මුහුණදීමේ හැකියාවන් පිළිබඳ කරන ලද පූර්ණ අධීක්ෂණයකින් සහ තක්සේරුවකින් අනතුරුව මෙම සහතිකය පිරිනමන ලදී.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා, "මෙම ISO 22301:2019 සහතිකය හිමිකර ගැනීම මහජන බැංකුවේ ගමන් මඟෙහි ඉතා සුවිශේෂ සන්ධිස්ථානයක් වෙනවා. මෙහෙයුම් ක්‍රියාවලියේදී ඔරොත්තු දීමේ හැකියාව, සේවා අඛණ්ඩතාව සහ ගනුදෙනුකාර විශ්වාසය වෙනුවෙන් අපගේ ඇති නොසැලෙන කැපවීම ඉන් පිළිබිඹු වෙනවා. මෙම සහතිකය හිමිකර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය බැංකුව ලෙස අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශ්වකරුවන්ට ඉහළම විශ්වසනීයත්වයක් සහ විශිෂ්ටත්වයක් සහිත බැංකු සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා අපගේ පද්ධති සහ ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා" යැයි පවසා සිටියේය.
ISO 22301 යනු ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය සඳහා වන ගෝලීය නියාමන ප්රමිතියයි. එමඟින් ආයතනයකට අනපේක්ෂිත බාධාවන්ට මුහුණ දීම සඳහා නිසි ලෙස සූදානම් වීමට, ප්‍රතිචාර දැක්වීමට සහ යථාතත්ත්වයට පත්වීමට එම ආයතනවලට ඇති හැකියාව සහ තීරණාත්මක සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමේ හැකියාව සහතික කරයි.
අහිතකර අවස්ථාවන් හිදී පවා අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතු පවත්වා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට මහජන බැංකුවට ඇති හැකියාව මෙම සහතිකය මඟින් තවදුරටත් තහවුරු වේ. ඵසකකැබබසමප Millennium IT E.S.P (Pvt) Ltd හි වෘත්තීය මඟපෙන්වීම යටතේ සිදු කරන ලද මෙම ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ (BCMS) ස්ථාපිත කිරීම සඳහා වන උපදේශන සහාය Ernst & Young වරලත් ගණකාධිකරණ ආයතනය විසින් ලබාදෙන ලද අතර, මෙය මහජන බැංකුවේ බැංකු සහාය සේවා දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධිකරණය කරන ලදී.
ජයග්‍රහණය තුළින් ජාත්‍යන්තර ප්‍රමිතිගත භාවිතයන්ට අනුකූලව පාලන ක්‍රමවේද, අවදානම් කළමනාකරණය, අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාම සහ සේවා විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රු.ට්‍රිලියන 3.7කට අධික වත්කම්වලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 745ක ජාලය හා ස්වයං බැංකුකරණ ඒකක 300කට අධික ප්‍රමාණයක් සමඟ මිලියන 15.3කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවාව සපයයි. මෙම ISO 22301:2019 සහතිකය හිමිවිමත් සමඟ මෙහෙයුම්කරණයේ විශිෂ්ටත්වය, ඔරොත්තු දීමේ හැකියාව, තිරසාර වර්ධනය සහ අඛණ්ඩ ගනුදෙනුකාර සේවාව සඳහා වන බැංකුවේ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

