මහජන බැංකුවේ 65 වැනි සංවත්සරය නිමිති කරගනිමින් පැවති ලේ දන්දීමේ කඳවුර කොළඹ 02, People’s Tower ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදි ජූලි මස 15දා පැවැත්විණි.
මහජන බැංකුවේ සුබසාධක හා සේවක ණය දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම ලේ දන්දීමේ කඳවුරේදී බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළහ.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (අනුකුලතා) සමන්ති සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහාය සේවා) ඉඳුමිණි රත්නායක, ප්‍රධාන කළමනාකාර (සුබසාධන සහ සේවක ණය) අජිත් රත්නායක යන මහත්ම මහත්මින් සහභාගි වූහ.