මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදෙමින් 2026 ජනවාරි 01දා නව වසරේ වැඩ ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් කොළඹ 02 People’s Tower හිදී විශේෂ උත්සවයක් පැවැත්විණි.
මෙහිදී, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් කාර්ය මණ්ඩලය ඇමතීය. මීට අමතරව, මෙදින සෙත් පිරිත් සජ්ඣායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක්ද පැවැත්විණි. මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, වෘත්තිය සමිති නියෝජිතයන්, ආගමික සංවිධාන හා අනෙකුත් ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් හා කාර්ය මණ්ඩලය සහභාගී වූහ. මීට සමගාමීව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, එහි කාර්ය මණ්ඩලයන්ද රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදෙන ලදී.