මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා වෙත මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි/වැඩබලන මූල්‍ය ප්‍රධානි නිල්මිණි ප්‍රේමලාල් යන මහත්ම මහත්මින් විසින් පසුගියදා නිල වශයෙන් පිළිගන්වන ලදී.
මහජන බැංකුව 2025 වර්ෂයේදි ඉහළ කාර්යසාධනයක් වාර්තා කරන අතර, ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම බදු පසු ලාභය වාර්තා කළේය. මෙම ජයග්‍රහණය මඟින් ජාතික ආර්ථික වර්ධනය, මහජනතාව සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාව පුරා මූල්‍ය ස්ථාවරත්වය ඇතිකිරිම සඳහා වන මහජන බැංකුවේ කැපවීම මනාව පිළිබිඹු වේ.