මහජන බැංකුව කිතුනු එකතුව 47 වැනි වරටත් සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගියදා කොළඹ 02, People’s Tower හිදි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මහජන බැංකුවේ කොළඹ, පුත්තලම, කළුතර හා යාපනය ප්රාදේශිකයන්හි කාර්ය මණ්ඩලයන් මෙහිදී කැරොල් ගී ගායනා ඉදිරිපත් කළහ.
කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ. ඩී. ඇන්තනී ජයකොඩි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කැරොල් ගී ප්‍රසංගයට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය සමඟ සිය පවුල්වල සාමාජික සාමාජිකාවන්ද විශාල පිරිසක් සහභාගි වූහ. මෙය අවසානයේදී කුඩා දරු දැරියන් වෙත නත්තල් සීයා අතින් තෑගි පිරිනැමීමද සිදු කෙරිණි.