පොම්පෙඕ ශ්රී ලංකාව වෙත පිළිගන්න සූදානම් -තානාපති
එක්සත් ජනපද රාජ්ය ලේකම් මයික් පොම්පෙඕ ශ්රී ලංකාව වෙත පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
ඔහුගේ සංචාරය රටවල් දෙක අතර මිත්රත්වය ශක්තිමත් කරන්නක් බවත්, නිදහස් ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳ දෙරටේ හවුල් දැක්ම වර්ධනය කරන්නක් වනු ඇති බවත් තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙයි.
ඇමෙරිකානු රාජ්ය ලේකම්වරයා ඔක්තෝබර් 26 සහ 27 යන දිනවල ඉන්දියාවේ සංචාරය කරමින් 'ටූ ප්ලස් ටූ' ලෙස නම්කර ඇති ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී වීමට නියමිතය. එම සංචාරයට සමගාමීව රාජ්ය ලේකම්වරයා ප්රමුඛ දූත පිරිස එලැඹෙන 28දා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත අතර, ඔවුන් මාලදිවයිනේ සහ ඉන්දුනීසියාවේද සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
popular news
-
Dayan Friday, 23 October 2020 11:17 AM
No issue ready to host. 20 A is passed through.
Reply : 0 0
නිමල් Friday, 23 October 2020 02:25 PM
පොම්පෙ ගියා නම් රටකට, එතන ඉවරයි!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

