ද. ආසියානු යටිතල පහසුකම් හා ඉදිකිරීම් දැවැන්තයින් කොළඹට
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ සුවිශේෂීම සහ ප්‍රමුඛතම ප්‍රදර්ශනය වන "INFRACON 2026", එළැඹෙන ජූලි මස 03දා සිට 05දා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
දකුණු ආසියානු කලාපයේ ප්රමුඛ පෙළේ සමාගම්, ක්ෂේත්රයේ වෘත්තිකයින් සහ තීරණ ගන්නන් රැසක් එකම වහලක් යටට කැඳවමින් සංවිධානය වන මෙම ප්‍රදර්ශනය, මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ නව පිම්මක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විසස් (LECS) ආයතනය සහ බංග්ලාදේශයේ SAVOR ඉන්ටර්නැෂනල් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව මෙම දැවැන්ත ඉසව්ව සංවිධානය කරයි. මීට පෙර "Construction, Power & Energy Expo" ලෙස පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය, එහි විෂය පථය පුළුල් කරමින් සහ කලාපීය වැදගත්කම ඉස්මතු කරමින් මෙවර "INFRACON 2026" ලෙස ප්‍රතිනාමකරණය කර තිබීම විශේෂත්වයකි.
මෙම ප්‍රදර්ශනය සඳහා ASHRAE ශ්‍රී ලංකා ශාඛාව සහ SIA සිය නිල සහයෝගය ලබා දී ඇත. "INFRACON 2026" ප්‍රදර්ශනය ප්‍රධාන ක්ෂේත්‍ර පහක් (05) ඔස්සේ සැපයුම්කරුවන් සහ ප්‍රදර්ශකයින් ජනතාව වෙත සමීප කරනු ඇත.
- වායුසමීකරණ, ශීතකරණ සහ සිසිලන දාම පද්ධති
- බලශක්තිය සහ විදුලිය
- හරිත බලශක්තිය
- සුරක්ෂිත ජල කළමනාකරණය
- ගොඩනැගිලි ද්‍රව්‍ය
මෙම දැවැන්ත සත්කාරය සඳහා මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන රැසක් අත්වැල් බැඳගෙන සිටී. ඒ අනුව, ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකයා ලෙස C.W. Mackie PLC ආයතනය කටයුතු කරන අතර, රිදී අනුග්රාහකයන් ලෙස AE Solar සහ Brantel Lanka (Pvt) Ltd කටයුතු කරයි. ප්‍රදර්ශනයේ නිල PVC හවුල්කරුලෙස ඉදිරිපත් වී සිටින්නේ Phoenix Super PVC ආයතනයයි.
දේශීය ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කොන්ත්‍රාත්කරුවන්, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් පමණක් නොව, චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල ජාත්‍යන්තර නියෝජිතයින් සහ ගැනුම්කරුවන් ද මෙවර ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය.
භෞතිකව පැවැත්වෙන ප්‍රදර්ශනයට අමතරව, මෙවර විශේෂිත අන්තර්ජාල වේදිකාවක්ද හඳුන්වා දී ඇත. එමඟින් ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට සහ ප්‍රදර්ශකයින්ට දුරස්ථව සිට වුව ද ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව සැලසේ.
ප්‍රදර්ශනයට සමගාමීව, රිසර්ච් ඉන්ටලිජන්ස් යුනිට් (RIU) ආයතනය විසින් මෙහෙයවනු ලබන "Growth Through Infrastructure" නමැති ඉහළ පෙළේ සංවාද මණ්ඩපයක්ද සංවිධානය කර ඇත. ඒ සඳහා මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්රමුඛ පෙළේ විද්වතුන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් සහභාගි වීමට නියමිතය.
සංවිධායක මණ්ඩලය පෙන්වා දෙන්නේ "INFRACON 2026" හරහා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය වනවා සේම, ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සහ ප්‍රදර්ශන (MICE Destination) කේන්ද්‍රස්ථානයක් ලෙස තහවුරු කිරීමට මින් විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවයි.
මෙම සුවිශේෂී ප්‍රදර්ශනය නැරඹීම සඳහා ක්ෂේත්රයේ වෘත්තිකයින්ට මෙන්ම උනන්දුවක් දක්වන පොදු මහජනතාවටද අවස්ථාව පවතී. ප්‍රදර්ශන භූමියේදී සිදුවන ප්‍රවේශ පෝලිම් මඟහරවා ගැනීම සඳහා දැන් අන්තර්ජාලය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇත.
අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට: https://expo.idzlink.com/infracon2026/form/register
කුටි (Stall) වෙන්කරවා ගැනීමට සහ වැඩිදුර තොරතුරු සඳහා [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ සම්බන්ධ විය හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

