සීමාසහිත BAM Holdings සමාගම විසින් 'මිහිමව අපේ අනාගතයයි' යන තේමාව යටතේ මී පැළ 1,000ක්, ඇහැළ පැළ 50ක් සහ පලතුරු පැළ 28ක් ආදී වශයෙන් පැළ 1,078ක් මාදුරු ඔයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා (SF) කඳවුරු පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
BAM Holdings Limited හි නිර්මාතෘ දිවංගත බී.ඒ. මහීපාල මහතාගේ 78 වැනි ජන්ම දින සැමරුම නිමිති කර ගනිමින් මෙම වැඩසටහන දියත් කර තිබුණි.
දේශීය පරිසර පද්ධතිය තුළ කාබන් වෙන් කිරීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා Thermo Plastics (පෞද්ගලික) සමාගම කැපවී සිටියි. අනාගතයේ දී මෙම ව්‍යාපෘතිය, සංවිධානයේ මෙහෙයුම් මට්ටමේ නිකුත් කිරීම් සඳහා දායක කර ගැනීමට හැකි ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.