මුදල් ඉතිරි කිරීමෙන් සිදුවන්නේ මුදල ආරක්ෂා වීමයි. එහෙත් ආයෝජන කිරීමෙන් තමන්ගේ මුදල් වර්ධනය කර ගත හැකියි. පුද්ගලයකුගේ දියුණුවට ඉතිරි කිරීමද, ආයෝජනයද එක සේ වැදගත් වන බව, CFA හි වරලත් හිමිකාරිණියක් ලෙස 1999 වසරේ සිට කටයුතු කරන ක්‍රිස්ටීන් ඩයස් බණ්ඩාරනායක මහත්මිය පවසයි.
ඇය ඒකක භාර ක්ෂේත්රයේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසර 15කට අධික පළපුරුද්දක් ලබා ඇති අතර, මේ වන විට JB ෆයිනෑන්ෂල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස මෙන්ම ශ්‍රී ලංකා ඒකක භාර සංගමයේ සභාපතිනිය ලෙසද ඇය කටයුතු කරයි.
අතීතයේ සිටම පුද්ගලයකුගේ හෝ පවුලක දියුණුව වෙනුවෙන් බොහෝ දෙනා මුදල් ඉතිරි කිරීම පුරුද්දක් කර ගෙන සිටිති. මුදල් ඉතිරි කිරීම යනු අනාගතය වෙනුවෙන් වූ මූල්‍ය සැලසුමක ආරම්භයයි. නමුත් එතැනින් නොනැවතී ඉතිරි කළ මුදල ප්‍රමාණයෙන් හා අගයෙන් ඉහළ යන විට ඉතුරුම් ගිණුම් හෝ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීමටත් එසේත් නොමැති නම් රජයේ සුරැකුම්පත් හි ආයෝජනය කිරීමටත් බොහෝ දෙනා කටයුතු කරන්නේ තමන්ගේ මුදලට ආරක්ෂාවක් මෙන්ම, අමතර ප්‍රතිලාභයක් උදාකර ගැනීමේ අරමුණින් යුතුවය. එහෙත් වත්මන් ආර්ථිකය තුළ ඉතිරි කිරීම තුලින් පමණක් සාර්ථකත්වයක් උදා කර ගත හැකි වේද?
ගෙවුණු ආසන්න කාල සීමාවන්හි උද්ධමනයේ සාමාන්‍ය 30%කට වඩා වැඩි වූ අතර ස්ථාවර තැන්පතු සඳහා 15%ක පොලී ප්‍රතිලාභයක් ලබා දුන්නද ඉන් සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගැනීමට නොහැකි විය. එයින් හැඟවෙන්නේ ඔබ වෙහෙස මහන්සියෙන් උපයා ගනිමින් ඉතිරි කළ මුදලෙහි ඇති වටිනාකම කෙමෙන් අඩු වෙමින් එය ඔබට ඵලදායී නොවන්නක් බවට පත් වෙමින් ඇති බවයි. රුපියලෙහි වටිනාකම් දිනෙන් දින පහළ යමින් පවතින වාතාවරණයක් තුල ඉතිරි කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන්ගේ මුදල් වෙනත් ආයෝජන මාර්ග වෙත යොමු කිරීම කාලෝචිත වේ. එහෙයින් සියලු දෙනා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
එහිදී කළ යුතු වැදගත් දෙයක් වන්නේ තමන්ගේ මුදල් විශ්වාසදායී හා ප්රතිඵලදායී ආයෝජන ක්රමයක ආයෝජනය කිරීමයි. ඒකක භාර නියෝජනය කරනු ලබන්නේ එම විශ්වාසය හා ඵලදායීතාවයි. පසුගිය වසර 5ක කාලය තුළ මෙරට ඒකක භාර අරමුදල් සඳහා යොමු වන පිරිස දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත්තේ බොහෝ දෙනා එහි වැදගත්කම පිළිබඳව අවබෝධ කරගෙන ඇති බැවිනි. එසේ ආයෝජකයින් ප්‍රමාණය බොහෙවින් ඉහළ යාම හේතුවෙන් ඒකක භාර සතු වත්කම් 172% කින් ඉහළ ගොස් තිබීමද විශේෂත්වයකි. ඉතිරි කරමින් හා එම ඉතිරි කළ මුදලට ලැබෙන සුලු පොලී මුදලකින් සෑහීමකට පත් වූ යුගය දැන් නිමා වෙමින් පවතී. දියුණුව උදෙසා තමන්ගේ මුදල් යොදවන අවබෝධයෙන් යුත් ජනතාවක් නිර්මාණය වෙමින් ආයෝජනය වෙනුවෙන් වැඩි වැඩියෙන් මුදල් යෙදවීමට බොහෝ දෙනා උනන්දු වෙමින් සිටින බව වර්තමානයේදී හොඳින්ම දැක ගත හැකිය.
ඉතිරි කිරීමේ මෙන්ම ආයෝජනයේද අරමුණු පවතී. ඉතිරි කිරීමේ අරමුණ වන්නේ මුදලේ ආරක්ෂාව හා ඉක්මණින් නැවත ඒවා මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ පහසුවයි. කෙටි කාලීන අවශ්‍යතාවන් වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සූදානම්කර ගැනීම ද ඉතිරි කිරීමේ තවත් අරමුණක් වේ. එහෙත් ආයෝජන යනු ඊට එහා ගිය දිගු කාලීන වර්ධනයක් වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමයි. ඉතිරි කිරීම මෙන්ම ආයෝජනයද පුද්ගයකුට අවශ්‍ය වේ. එහෙයින් තමන්ගේ ස්ථාවරබව වෙනුවෙන් ඉතිරි කිරීමටද දියුණුව වෙනුවෙන් ආයෝජනය කිරීමටද හැකි සමබර ප්‍රවේශයක් මෙහිදී ඉතා වැදගත් වේ.
ආයෝජනයේදීද එය හිතුමතේ සිදු කිරීම තමන්ගේ මුදල් විනාශ කර ගැනීමකි. එම නිසා ඊට සුදුසු ආයෝජනයක මුදල් යෙදවීමද අතිශයින් වැදගත් වේ. එහිදී ඕනෑම අයෙකුට මුදල් ආයෝජනය කිරීම ආරම්භ කළ හැකි වඩාත් ගැලපෙන ක්‍රමයක් වන්නේ ඒකක භාරයි.
පළමු වරට ආයෝජනය කරන්නන් හට කදිම අත්දැකීමක් එක් කරන එය ඔවුන්ගේ ආරක්ෂාව හා වර්ධනය ඉහළ නංවමින් ආකර්ෂනය දිනාගන්නා ආයෝජනයක් බවට පත් වනු නිසැකය.
ඒකක භාරයන්හි ඇති විශේෂත්වය
● රුපියල් 10,000ක් වැනි අවම මුදලකින් ආරම්භ කිරීමේ හැකියාව
● දේපළ වෙළෙඳාම් හෝ ස්ථාවර කාලීන තැන්පතු මෙන් නොව දින කිහිපයක් ඇතුළත මුදල් බවට පත් කරගැනීමේ හැකියාව පැවතීම
● සුරැකුම්පත් රැසක ආයෝජනය කර ඇති බැවින් එක් ආයෝජනයකින් විය හැකි අලාභය අවම වීම
● බලපත්‍රලාභී සහ නියාමනය කරන ලද වෘත්තිකයින් විසින් ඔවුන් සතු පර්යේෂණ හා වෙළෙඳපොල දැනුම තුලින් ආයෝජන තීරණය කරනු ලැබීම
● ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සියලු ඒකක භාර අධීක්ෂණය කරනු ලබන අතර දෛනික කටයුතු භාරකරුවකු විසින් සිදු කරයි.
කළමනාකරණ සමාගමෙන් වෙන්ව භාරකරුවකු විසින් භාරයේ නාමයෙන් වත්කම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සාම්ප්‍රදායික ඉතිරි කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව යමින් වඩා ඵලදායී ආයෝජනයකට යොමුවන සෑම කෙනෙකුටම පහසුවෙන් ආයෝජනය කළ හැකි. ආරක්ෂාකාරී හා නම්‍යශීලී මෙන්ම අවම අවදානම් සහිත ආයෝජනය ක්‍රමයක් ලෙස ඒකක භාර සඳහන් කළ හැකිය.
මෙවන් තත්වයක් තිබියදී වුවද තවමත් ආයෝජනය කිරීමට පසුබට වන පිරිසද බොහෝය. ඊට හේතු වී ඇත්තේ ආයෝජකය තුලින් තමන්ගේ මුදලට කුමක් සිදු වේදැයි ඔවුන් සතුව ඇති සැකයයි. ආයෝජනය බොහෝ අවදානම් හා සංකීර්ණ දෙයක් ලෙස විශ්වාස කරන ඔවුන් ඉන් ලැබෙන ප්රතිලාභයන් දෙසද බලන්නේ සැකයෙනි. එහෙයින් ඔවුන් ආයෝජනයෙන් වැලකී සාම්ප්‍රදායික ඉතිරි කිරීම සඳහා පමණක් යොමුවීම නිතැතින්ම සිදු වේ. එහෙත් ආයෝජනය නොකිරීම යනු ඔවුන්ට ලැබෙන පරාජයකි.
ජයග්‍රහණයක් අවශ්‍ය නම් ආයෝජනය ආරම්භ කළ යුතුමය. ඉතා කුඩා මුදලකින් ආරම්භ කරමින්, නියාමනය කරන ලද නිෂ්පාදනයක් තුලින් ස්ථාවරව ආයෝජන කිරීම හරහා ඕනෑම කෙනෙකුට වඩා හොඳ ආයෝජකයකු විය හැකි අතර ඊට ලොකු මුදලක් හෝ ආයෝජනය පිළිබඳ මනා අවබෝධයක් ඔබට තිබිය යුතු නැත.
ඒකක භාරයන්හි ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ඒකක භාර සංගමය කටයුතු කර ඇත්තේ නිර්දේශ ඔවුන් වෙත ලබා දෙමිනි.
1. ඒකක භාරයන්හි ආයෝජනය කිරීම තුලින් ඔබගේ එක් ආයෝජනයක් අස්ථාවර වුවද තවත් ආයෝජන කිහිපයක් ඇති බැවින් එය ඔබට පහසුවක් උදා කරනු බැවින් ඔබේ අවදානම ගැටලුවක් නොවනු ඇත.
2. ඔබ කැමති මොහොතක මෙම අරමුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ඔබ සතුය.
3. කෙටි කාලීනව සිදු වන ඉහළ යාම්වලට වඩා අවුරුදු 5ක සැලසුම් කෙරෙහි අවධානය යොමු කිරීම තුලින් වැඩි ප්රතිලාභ අත්කර ගත හැකිය.
4. ඔබ ගෙවන ගාස්තුව පිළිබඳව අවබෝධයයෙන් කටයුතු කිරීම වැදගත් වේ
5. කළමනාකරණය කරනු ලබන සමාගමේ පසුබිම සහ උපයා මාර්ග පිළිබඳ සොයා බැලිය යුතු අතර එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනය කරන ලද සමාගමක් විය යුතුය.
ඉහත දැක්වූ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම තුලින් ආයෝජකයින්ට ඵලදායී ලෙස අවදානම් කළමනාකරණය කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ මූල්‍ය ඉලක්කයන් ජය ගැනීමට හැකි වනු ඇත.
කලාපයේ අනෙකුත් රටවල් දෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ තත්වය වඩා යහපත් ආකාරයෙන් දැනිය හැකි අතර 2023 මහ බැංකු පනත ක්‍රියාත්මක කිරීම තුලින් උද්ධමනයට වඩා වැඩි ස්ථාවරත්වයක් හා පුරෝකතනය කිරීමේ හැකියාවක් ලබා දී ඇති අතර ඒ තුලින් දිගු කාලීන ආයෝජනයකින් සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වනු ඇත. කොළඹ කොටස් වෙළෙඳපොල තුළ මෑත කාලීනව දැක්ය හැකි ප්‍රවණතාව තුලින්ද පෙනී යන්නේ ක්‍රියාකාරී ආයෝජකයන් බවට පත් වීමට ඇති ශ්‍රී ලාංකිකයින්ගේ උනන්දුවයි.
එය හෙට දවසේ ආයෝජකයාගේ පමණක් නොව ශ්‍රී ලාංකේය ආර්ථිකයේද දියුණුවේ මාවත වනු ඇත්තේ ආයෝජනය තුලින් දිනෙන් දින හිමි වන ප්රතිලාභ කෙමෙන් ඉහළ යාම හේතුවෙනි. අවබෝධය. ඉවසීම සහ උනන්දුව සෑම විටම ආයෝජනයේ ප්‍රතිඵල තව දුරටත් ඉහළ නැංවීමට හේතුවක් වනු ඇත. ඔබ ඉතිරි කළ මුදල් තව දුරටත් ඉතුරුම් ලෙස තබා නොගෙන ආයෝජනය කිරීම තුලින් ඉතිරි කිරීමට ලද පොලී ආදායමට වඩා ඉහළ සැලකිය යුතු ආදායමක් ඒ තුලින් උපයා ගැනීමට හැකි වනු ඇත.
වැඩි වැඩියෙන් ආයෝජනය තුළින් ඔබේ මූල්‍ය ආදායම වැඩි වැඩියෙන් ඉහළ යනු ඇත. මේ ආයෝජනයට හොඳම කාලයයි. ඔබ කළ යුත්තේ දැන්ම ඒකක භාරයන්හි ආයෝජනය කිරීම ආරම්භ කිරීමයි. සුලු මුදලකින් හෝ ආයෝජනය පටන් ගන්න. එය ඔබගේ අනාගත දියුණුවේ පළමු පියවර වනු ඇති අතර හෙට දවසේ ඔබට සාර්ථක ජීවිතයක් උදා කරමින් ඒකක භාර ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත. හිතන්න. අවබෝධ කර ගන්න. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. ඔබේ ජීවිතයේ ජයග්‍රාහී ආරම්භය අදම අරඹන්න.