දකුණු ආසියාවේ ප්රථම වරට රොසෙල් Starlight ටයිල් මෙරටට හඳුන්වා දෙයි
ශ්රී ලංකාවේ ටයිල් හා බාත්වෙයා ක්ෂේත්රයේ ප්රමුඛතම සන්නාමයක් වන රොසෙල් (Rocell), දකුණු ආසියාවේ පළමුවටර ජාත්යන්තර මට්ටමේ නවතම තාක්ෂණයෙන් යුත් 'Rocell Starlight' පොලිෂ් ටයිල් එකතුව මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීම නිවේදනය කරයි.
සාමාන්ය පොලිෂ් ටයිල්වල දක්නට ලැබෙන ස්වභාවය වෙනුවට 'Rocell Starlight' හි ඇති විශේෂ නිමාව නිසා ටයිල් මතුපිටට අද්විතීය ආලෝකයක් සහ ආකර්ෂණීය බවක් ලබාදෙයි. මෙම ටයිල් එකතුවෙහි ඇති සුවිශේෂීම වෙනස වන්නේ ටයිල් පොලිෂ් කිරීමට පෙර එහි නිෂ්පාදන ක්රියාවලියටම විශේෂිත වර්ණ සහ අමු ද්රව්ය මුසුකර මෙම අලංකාර දිදුලන ස්වභාවය ටයිල් ඇතුළතින්ම මතුකර තිබීමයි.
එබැවින් එහි උසස් ගුණාත්මකභාවය හා මනරම් නිමාව දීර්ඝ කාලයක් නොවෙනස්ව පවතී. විශ්වීය සුන්දරත්වයෙන් ආභාෂය ලබා නිමවා ඇති Rocell Starlight ටයිල් එකතුව ආලෝකය සමඟ සම්මිශ්රණය වී මනා සුන්දරත්වයක් සහ සජීවී පෙනුමක් ඔබගේ නිවහනට එක් කරයි.
'Rocell Starlight' ටයිල් එකතුව නිවාස හිමියන්, ගෘහ නිර්මාණ ශිල්පීන් මෙන්ම අභ්යන්තර අලංකරණ ශිල්පීන්ගේ අවශ්යතා වෙනුවෙන්ම සැලසුම් කර ඇත. ලොව විශිෂ්ටතම නිර්මාණ සහ තාක්ෂණයන් ශ්රී ලාංකීය පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට රොසෙල් තැබූ තවත් එක් සාර්ථක පියවරක් ලෙස 'Rocell Starlight' හැඳින්විය හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

