තානාපති කුසලාන බැඩ්මින්ටන් තරඟාවලියට CICT හි අනුග්‍රහය
කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) හා කොළඹ විශ්ව විද්‍යාලයේ සහයෝගීතාවයෙන් පැවැති ‘2025 තානාපති කුසලාන’ තරගාවලිය, ශ්‍රී ලංකාව පුරා විශ්වවිද්‍යාල 11ක, බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 300කට ආසන්න සංඛ්‍යාවක් එක් කළේය. මෙම තරඟාවලිය, වසරේ විශාලතම, එක්සත් භාවයෙන් පූර්ණ අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උත්සවයන්ගෙන් එකක් බවට පත්විය.
අඛණ්ඩව තෙවන වරට පැවැත්වූ තානාපති කුසලාන තරඟාවලියට කාර්ය මණ්ඩල ක්‍රීඩකයින් 170ක්, කාර්ය මණ්ඩල ක්‍රීඩිකාවන් 70ක්, ශිෂ්‍යයන් 30ක් සහ ශිෂ්‍යාවන් 20ක් සහභාගී වූ අතර, එමඟින් තාරුණ්‍යයෙන් මෙන්ම අත්දැකීම් හා විවිධත්වයෙන් පිරි උද්යෝගී ක්‍රීඩා වටපිටාවක් නිර්මාණය විය. දින තුනක් පුරා පැවති තරඟකාරී ක්‍රීඩා මාලාව අවසානයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත් අතර, සමස්ත ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලය දිනා ගන්නා ලදී.
කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යායාම ශාලා සංකීර්ණයේ පැවති “2025 තානාපති කුසලාන” තරඟාවලියට, කොළඹ සහ පේරාදෙණිය සිට රුහුණ, මොරටුව සහ ඌව වෙල්ලස්ස දක්වා සියලු පළාත් වල විශ්වවිද්‍යාල ක්‍රීඩකයින් සහභාගී වෙමින්, තරඟාවලියේ පුළුල් පරාසය ඉස්මතු කළේය. මෙම තරඟාවලිය විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම කාර්ය මණ්ඩලයද එකමුතු කරන වේදිකාවක් ලෙස හැඳින්විය යුතුයි.
"මිනිසුන් සම්බන්ධ කරන ආකාරය ක්‍රීඩාවේ අන්තර්ගත සැබෑ වටිනාකමයි" යනුවෙන් CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා පැවසීය. "වරාය මෙහෙයුම් මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාවද, කණ්ඩායමක් ලෙස කාර්ය ඉටුකිරීම, විනය සහ නිරවද්‍යතාවය මත රඳා පවතී. මෙවැනි මුලපිරීම්වලට සහාය වීමෙන් එම සාරධර්ම ඊළඟ පරම්පරාව සමඟ බෙදා ගැනීමටත්, සියලු දෙනා සමග එක්ව සාමූහිකත්වයේ ප්‍රගතිය සැමරීමටත් අපට හැකි වෙනවා."
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ චීන ව්‍යවසායන් අතර වැඩි සම්බන්ධතාවයක් පිහිටුවීම යෝජනා කළ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ තානාපති කුසලාන තරගාවලිය, 2023 දී ප්‍රථම වරට සංකල්පනය කරන ලදී. ක්‍රීඩාවට ඇලුම් කරන ශාස්ත්‍රීය හා ආයතනික ප්‍රජාවන් එක් කෙරූ මෙම තරගාවලිය සඳහා විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වැන්ග් ලී මහතා විසින් පහසුකම් සපයන ලද අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුමැතියද ලැබුණි.
චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන CICT හට මෙම තරඟාවලිය අනුග්‍රාහකත්වයකට පමණක් සීමා නොවෙයි. එය තරුණ සංවර්ධනය සහ එක්සත්භාවය වෙනුවෙන් සමාගම තුළ ඇති පුළුල් කැපවීම සමඟ අත්වැල් බැඳ ඇත. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ රෝද පුටු ටෙනිස් වැඩසටහන වෙනුවෙන් සමාගම ලබා දෙන දිගුකාලීන සහයෝගයද එම කැපවීම තහවුරු කරන තවත් අංගයකි. පසුගිය දශකය පුරා පවත්වා ගෙන යන එම හවුල්කාරිත්වය, අනුවර්තක ක්‍රීඩා ක්ෂේත්රය තුළ කලාපීය ප්රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමටද දායක වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

