ඩොලරය රු.330ට යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 12දා නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.329.99ක් ලෙසත්, ඩොලරයේ ගැනුම් මිල රු.319.20ක් ලෙසත් සටහන් වෙමින්, ශ්‍රී ලංකා රුපියලේ කඩා වැටීම තවදුරටත් පිලිබිඹු කරන්නට විය.
ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසන බවට මහ බැංකුව පසුගිය මාර්තු 07දා නිවේදනය කරද්දී ඩොලරයේ විකුණුම් මිල රු.202.99ක් ලෙසත්, ඩොලරයේ ගැනුම් මිල රු.198.50ක් ලෙසත් පැවතුණි.
මේ අතර, ඊයේ දිනයේදී ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රු.431.27ක් සහ ගැනුම් මිල රු.416.29ක් ලෙසත්, ජපන් යෙන් විකුණුම් මිල රු.2.65ක් සහ ගැනුම් මිල රු.2.54ක් ලෙසත්, යූරෝ විකුණුම් මිල රු.361.83ක් සහ ගැනුම් මිල රු.350.05ක් ලෙසත් කොළඹ පිහිටි වාණිජ බැංකු සපයන ලද විදේශ ව්‍යවහාර මුදල්වල සාමාන්‍ය අනුපාතයන් දක්වමින් මහ බැංකුව නිවේදනය කර තිබේ.
මීට අමතරව, ඊයේ මෙරට රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු කිහිපයකම සිය දෛනික විනිමය අනුපාතිකයේදී එ.ජ.ඩොලරයක විකුණුම් මිල රු.330 සිට 335ක් දක්වා වූ සීමාවක පැවතුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
