ඩොලරය ඉතිහාසයේ ඉහළම විකුණුම් මිල වාර්තා කරයි
- 29 03 2021
- 13:56
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස රු.201.77ක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (29දා) වාර්තා කර තිබේ.
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.75ක් ලෙස පසුගිය 17දාය.
එමෙන්ම මහ බැංකුව නිකුත් කළ දත්තයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රු.197.28ක් ලෙස දැක්වෙන අතර, එය පසුගිය 17දා රු.197.58ක් ලෙස ඉතිහාසයේ ඉහළම ගැනුම් මිලද වාර්තා කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
