ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029) සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද ප්රයත්නයේ කොටසක් ලෙස ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් ඊයේ (09දා) මහනුවරදී සාර්ථකව පවත්වන ලදී.
ඉදිරි වසර පහ සඳහා ශ්‍රි ලංකාවේ අපනයන සංවර්ධන සැලැස්ම සැකසීමට තම අදහස් දායක කිරීම සඳහා විවිධ පළාත් නියෝජනය කරමින් වාණිජ මණ්ඩල, අපනයන සංවිධාන සහ රාජ්‍ය ආයතනවල නියෝජිතයින් මෙම වැඩමුළුවට එක්ව සිටියහ. මෙම මුලපිරීම රටේ අපනයන තරඟකාරීත්වය ශක්තිමත් කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරයි.
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් විවිධ ආයතනවල සහභාගීත්වය වැඩමුළුවෙහි දක්නට ලැබුණි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජිතයින් අතරට වයඹ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත හා කෘෂිකාර්මික ව්‍යාපාර මණ්ඩලය, කර්මාන්ත සේවා කාර්යාංශය, සීලෝන් අපනයනකරුවන් (පුද්) සමාගම,පොල් ආශ්රිත උපස්තර අපනයනකරුවන්ගේ සංගමය සහ සීලෝන් ඇක්වාටික්ස් (පුද්) සමාගම ඇතුළත් විය.
දකුණු පළාත නියෝජනය කරමින් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩල සමඟින් දකුණු පළාත් සංවර්ධන අධිකාරිය (SPDA) සහ දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය (SPIDA) වැඩමුළුවට සහභාගී විය.
මධ්‍යම පළාත නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) - මහනුවර, කැගල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, මධ්‍යම පළාත් කාන්තා වාණිජ මණ්ඩලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, ඉංජිනේරු සහ කළමනාකරණ පීඨවල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, ICBT - මහනුවර, ACBT - මහනුවර, ESOFT - මහනුවර, Mga Spice (Pvt) Ltd, Tea Seak (Pvt) Ltd, Kiyota Coffee (Pvt) Ltd සහ Unik Business Solution (Pvt) Ltd යන ආයතන ඇතුළත් විය.
අනෙකුත් කලාපීය නියෝජිතයින් අතරට උතුරු පළාත් අපනයනකරුවන්ගේ මණ්ඩලය, නුවරඑළිය දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, තල් සංවර්ධන මණ්ඩලය-යාපනය,ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, මාතලේ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සහ පළාත් ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COPE) ඇතුළත් විය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සහයෝගී ප්රයත්නයක් වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2025-2029), ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වෙළඳපොලේ විවිධාංගීකරණය අරමුණු කරගත් සවිස්තරාත්මක උපායමාර්ගික රාමුවක් නියෝජනය කරයි. විවිධ අංශ සහ කලාප හරහා අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු, අභියෝග සහ විසඳුම් ඇතුළත් කිරීම සඳහා කලාපීය උපදේශන වැඩමුළු සැලසුම් කර තිබුණි.
මෙම ජාතික අපනයන අපනයන සංවර්ධන සැලැස්ම අවසන් කිරීමට පෙර ව්‍යාපාර ප්‍රජාවන්, අපනයන අංශයේ නියෝජිතයින්ගෙන් සහ රාජ්‍ය ආයතනවලින් යෝජනා රැස් කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රටපුරා පවත්වනු ලබන පාර්ශවකරු සම්බන්ධතා සැසි මාලාවක කොටසක් ලෙස මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි.