ගෝලීය සාර්ව ආර්ථික අවදානම් 2026 දෙවැනි අර්ධයේදී ප්‍රධානයි
2026 වසරේ දෙවැනි භාගයේදී මූල්‍ය පද්ධති ස්ථාවරත්වයට ඇති ප්‍රධානතම අවදානම ලෙස ගෝලීය සාර්ව ආර්ථික අවදානම් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහා බැංකුව 2026 දෙවන භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ නිකුත් කරමින් මෙම කරුණු අනාවරණය කර තිබේ.
මේ අනුව, පෙර සමීක්ෂණ වටයට සාපේක්ෂව 2026 දෙවැනි භාගයේදී ඒ පිළිබඳ අවධානය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව, එයට භූ දේශපාලනික ආතතීන්, ඒ සමග අනෙකුත් රටවලින් ඇතිවන විභව බලපෑම් සමග එන ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ අවිනිශ්චිතතා මූලිකව පිළිබිඹු කරන බවද පවසා සිටියි.
එසේම, 2026 දෙවැනි අර්ධයේදී, කෙටි කාලීනව මූල්‍ය පද්ධතියට සෘණාත්මක බලපෑමක් ඇති කළ හැකි සිදුවීමක් හටගැනීමේ සම්භාවිතාව සුළු වශයෙන් ගිය ගිය බවද සමීක්ෂණයේ ප්‍රතිචාර පෙන්නුම් කරන බව පවසන මහ බැංකුව, කෙසේ වෙතත් මැදි කාලීන සම්භාවිතාව පෙර සමීක්ෂණ වටයට සාපේක්ෂව අඩු බවද සඳහන් කරයි.
මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළෙඳපොළ සහභාගීවන්නන්ට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ අවදානම් පිලිබඳ ආකල්ප හා ඒ කෙරෙහි පවතින විශ්වාසය ග්‍රහණය කරගනිමින් 2026 ජූලි 17 සිට 2026 අගෝස්තු 14 දක්වා කාලය තුළ සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

