කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 1.2 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 1.5 දක්වා ඉහළ ගොස් තිබේ.
එහිදී, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 2.0 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 2.9 දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, ආහාර නොවන කාණ්ඩයෙහ් උද්ධමනය 2025 අගොස්තු මාසයේ පැවති සියයට 0.8 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 0.7 දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මාසයේදී උද්ධමනයේ වූ සිදුවූ වෙනස අපේක්ෂා කළ පරිදි උද්ධමන ඉලක්ක කරා යාමේ ප්රවණතාවයක් පෙන්නුම් කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.