කොවිඩ් 3 වැනි රැල්ල හමුවේ ඔබ ගත් ණයට යළි සහනයක්
කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් විසින් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන්ට පහත සඳහන් සහනයන් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දන්වා ඇත.
සක්‍රීය ණය පහසුකම් සඳහා ලබාදී ඇති සහනයන්
2021 මැයි 15 වැනි දින වනවිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ගේ මූල්‍ය දුෂ්කරතා (රැකියා අහිමිවීම, ආදායම්/වැටුප් හෝ විකුණුම් අඩුවීම, ව්‍යාපාර වසා දැමීම යනාදිය) සලකා බලමින්, එක් එක් අවස්ථාව අනුව, ණය පහසුකමේ මුල් මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම හෝ අයකර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා කල් දැමීමට කටයුතු කළ යුතුය.

popular news
-
R G M M N සෙනෙවිරත්න Friday, 04 June 2021 01:56 PM
ණය සහනය සදහා මා හට ඉල්ලුම් කල හැකිද? එසේ නම් එය ඉල්ලුම් කරන්නේ කෙසේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

