කොවිඩ්-19 නිසා පීඩාවට පත් SLT පාරිභෝගිකයන්ට ප්රතිලාභ රැසක්
කොවිඩ්-19 වෛරසය පැතිරයාම හේතුවෙන් ශ්‍රී ලංකාවට උදාවී ඇති මෙම දුෂ්කර කාලය තුළ, ජාතික විදුලි සංදේශ සැපයුම්කරු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) තම ජාතික වගකීම හඳුනාගනිමින්, තම පාරිභෝගිකයන්ට ප්රතිලාභ රැසක් ලබා දීමට තීරණයකර තිබේ.
ඒ අනුව WhatsApp, Viber, Messenger, imo, Telegram සහ අනෙකුත් මැසෙන්ජර් සේවා සඳහා SLT පාරිභෝගිකයන්ට නොමිලේ දත්ත ලබාදීමේ සේවාව අප්‍රේල් 7දා දක්වා දීර්ඝ කර ඇත.
ඔබේ ස්මාට් උපාංගයෙන් PEO TV නැරඹීමට වැඩි අවස්ථාවක් ලබාදෙමින් PEO TV Go සේවාව සඳහා අප්‍රේල් 7දා දක්වා ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන්ට තවදුරටත් නොමිලේ දත්ත ලබාදෙනු ලබයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ජාලය තුළ සියලුම ඇමතුම් සඳහා මේ වනවිට ලබාදී ඇති 50% ක වට්ටම අප්‍රේල් 07දා තෙක් දීර්ඝ කර තිබේ. අප්‍රේල් මස 15දා දක්වා බිල්පත් ගෙවනු ලබන පාරිභෝගිකයින්හට නොමිලේ දත්ත (FREE DATA) දීමනාවක් ලබාදීමටද තීරණය කර ඇත.
තවද, බ්‍රෝඩ්බෑන්ඩ් ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දීමනාවක් SLT විසින් හඳුන්වා දී ඇත. එමගින් ඔබට දැන් Microsoft Team සහ WebEx සේවා සඳහා සීමා රහිතව (UNLIMITED DATA) ලැබෙන අතර එමගින් ඔබට Conference Call, Presentation, File Sharing ඇතුළු තවත් සේවාවන් රැසක් නොමිළේ හිමිවනු ඇත. මෙම දීමනාවද අප්‍රේල් 7දා දක්වා වලංගු වේ.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔබට ඔබේ ආදරණීයයන් අතර සම්බන්ධතාව සහතික කිරීමට SLT දිගටම පියවර ගනිමින් සිටින අතර, යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැනුවත්ව සිටීමටත් එම දැනුම අන් අය සමඟ බෙදා ගැනීමටත් මෙම අවස්ථාවේ සන්සුන්ව, සුපරීක්ෂාකාරීව හා ආරක්ෂිතව මුහුණ දෙන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම පාරිභෝගික සැමගෙන් ඉල්ලා සිටියි.
වැඩි විස්තර සඳහා www.slt.lk වෙත පිවිසෙන්න.
popular news
-
BINURI SATHYAJIE DE SILVA Monday, 13 April 2020 12:13 AM
හුගක් හොඳ වැඩක් මේක දිගටම කරගෙනයන්න සුබ පතනවා
Reply : 1 0
Manoj dissanayaka Saturday, 20 June 2020 10:00 PM
බොරු කියන්න එපා නොමිලේ දේනව කියලා ටී වී ලයින් එක විසන්දි කරලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

