කොම්බෑන්ක් ශක්ති සමග කොමර්ෂල් බැංකුව ගනුදෙනුකරුවන්ට සමීප වෙයි
සිය පාරිභෝගිකයින්ගේ පහසුව උදෙසා තවත් තීරණාත්මක පියවරක් තබමින් කොමර්ෂල් බැංකුව තම නියෝජිත බැංකු සේවය වන ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන දියත් කර තිබේ.
නගරවලින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි පහසුවක් සහ ගුණාත්මක බැංකු සේවාවක් ළඟාකර දීමට මෙම උපායමාර්ගික මුලපිරීම තුළින් සැලසුම් කර ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව පුරා ම විධිමත් බැංකු සේවා වෙත පිවිසීමට ඇති අවකාශය පුළුල් කෙරේ.
පාරිභෝගික පහසුව මෙන්ම, සේවා වෙත පිවිසීමේ හැකියාව වැඩියෙන් ම වැදගත් වන බැංකුකරණ ක්ෂේත්රයේ, දුරස්ථ ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන හරහා ක්‍රියාකාරී විසඳුමක් ලබාදෙන බව බැංකුව පැවසීය. මෙම ආකෘතිය මගින් බැංකුවට තෙවන පාර්ශ්වීය නියෝජිතයින් පිරිසක් සමඟ හවුල් වීමටද ඉඩ සලසා දෙයි. ඔවුන් දේශීය ව්‍යාපාර හෝ පුද්ගලයන් විය හැකි අතර බැංකුව සහ ගනුදෙනුකරුවන් අතර අතරමැදියන් ලෙස ඔවුන් ක්‍රියා කරනු ඇත. එම නියෝජිතයින් හරහා පූර්ණ ශාඛා පිහිටුවීමකින් තොරව බැංකු සේවා සැපයීමට හැකියාව ලැබේ.
මෙම බලයලත් නියෝජිතයන් හරහා කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල, විශේෂයෙන්ම දුෂ්කර ග්‍රාමීය සහ සේවාවන් අඩු ප්‍රදේශවලදී මුදල් තැන්පතු, මුදල් ආපසු ගැනීම්, වෙනත් ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීම් සහ බිල්පත් ගෙවීම් වැනි අත්‍යවශ්‍ය ගනුදෙනු සිදු කිරීමට හැකියාව ලැබේ. මෙම සේවාව මගින් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ළඟම ඇති ශාඛාවට ගමන් කිරීමට ගතවන කාලය සහ පිරිවැය අඩු කිරීමෙන් සැලකිය යුතු පහසුවක් ලබා දෙනු ඇත.
බැංකුව පවසන පරිදි කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය, එහි කෘෂිකාර්මික හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකකයේ (AMFU) ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධ වී ඇති අතර එමගින් AMFU කාර්ය මණ්ඩලය හරහා ග්‍රාමීය ප්‍රජාව තුළ දැනටමත් ස්ථාපිත වී ඇති විශ්වාසනීය සබඳතා සහ ප්‍රජා සම්බන්ධතා තවතවත් උත්තේජනය වනු ඇත. මෙම ශක්තීන් ඒකාබද්ධ කිරීමෙන් බැංකුකරණයට ප්රවේශවීමේ හැකියාව පුළුල් කරන, දේශීය ආර්ථිකයට සහාය වන සහ තිරසාර වර්ධනයක් පෝෂණය කරන, විශ්වාසදායක තාක්ෂණයෙන් පිටුබලය ලත් ආකෘතියක් ලබාදීම බැංකුවේ අරමුණයි.
මෙම විශේෂීත වූ සන්ධිස්ථානය සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව විසින් වීරවිල ඉරේෂා ෆුඩ්සිටි හිදී සිය ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය නියමු අදියර දියත් කළ අතර, එහිදී මෙම ආකෘතිය සජීවී ව පෙන්නුම් කරන ලදී. මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්රභාගර් මහතා සමඟ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා, සහකාර සමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය/SME මිතිලා ෂාමිනී මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවිකරණය අෂාණි සේනාරත්න මහත්මිය, ප්‍රාදේශීය කළමනාකාර රුවන් පණ්ඩිතරත්න මහතා, සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මාලික ද සිල්වා මහතා සහ තිස්සමහාරාම ශාඛා කළමනාකාර අමිල රත්නායක මහතා යන අය සහභාගී වූහ. ඔවුන්ගේ පැමිණීම මගින් අවධාරණය කෙරුණේ අන්තර්ගතකරණය වූ බැංකුකරණය සඳහා වන මාර්ග පුළුල් කිරීම සහ නව ප්‍රජාවන් වෙත ළඟාවීම සඳහා හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වෙනුවෙන් බැංකුව දක්වන දැඩි කැපවීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

