කොම්බෑන්ක් ශක්ති නියෝජිත බැංකු සේවය ස්ථාන 26ක් දක්වා ව්‍යාප්ත වේ
උසස් පාරිභෝගික අත්දැකීමක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරමින් සාම්ප්‍රදායික බැංකු ශාඛා වලට ළඟා විය නොහැකි ප්‍රජාවන්ට බැංකු සේවා වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව ලබා දීම දියත් කරන ලද ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය තවත් නියෝජිතායතන 22ක් සමඟ ජාලය පුළුල් කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි.
මෙම ව්‍යාප්ත වීමත් සමඟම බැංකුවේ නියෝජිත බැංකු සේවය දැන් දිවයින පුරා ස්ථාන 26ක විහිදී ඇති අතර, මීට පෙර ස්ථාපිත කරන ලද ශාඛා හතරද ඊට ඇතුලත් වේ. භූගෝලීය හා ජනවිකාශන සීමාවන් අභිභවා ජනතාවට අත්‍යවශ්‍ය වන බැංකු සේවාවන් ලැබෙන බව සහතික කිරීම හරහා මෙම මුලපිරීම මගින් කොමර්ෂල් බැංකුවේ අන්තර්ගත කිරීම හා පාරිභෝගික පහසුව යන අංශ කෙරෙහි ඇති අඛණ්ඩ අවධානය පිළිබිඹු වේ.
‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකුකරණ ආකෘතිය මගින් බැංකුවට, තෝරාගත් තෙවන පාර්ශවීය නියෝජිතයින්, එනම් බොහෝ විට බැංකුවට විශ්වාසදායක වූ දේශීය ව්‍යාපාර හෝ පුද්ගලයින් සමඟ හවුල්කාරීත්වයන් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුන් එහිදී බැංකුව හා ගනුදෙනුකරුවන් අතර අතරමැදියන් ලෙස ක්‍රියා කරයි. මෙම බලයලත් නියෝජිතයින් හරහා ගනුදෙනුකරුවන්ට මුදල් තැන්පතු, මුදල් ආපසු ගැනීම, අරමුදල් මාරු කිරීම, ගිණුම් ශේෂය විමසීම සහ බිල්පත් ගෙවීම වැනි අත්‍යවශ්‍ය බැංකු ගනුදෙනු ඔවුන්ට වඩාත් සමීප හා පහසු ස්ථානවලදී ඉටුකර ගැනීමට හැකියාව ලැබේ.
ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකාර්මික හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකකවල (AMFU) කාර්ය මණ්ඩලය විසින් ගොඩනගාගෙන ඇති ශක්තිමත් සබඳතා සහ ප්‍රජා සම්බන්ධතා මත පදනම්ව බැංකුවේ මෙම නියෝජිතායතන බැංකුකරණ මෙහෙයුම් මෙන්ම, AMFU ඒකකයේ ක්‍රියාකාරකම් සමඟ සමීපව ඒකාබද්ධ වී ඇත. මෙම මුලපිරීම මගින් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ ස්ථාපිත වී ඇති විශ්වාසය මත ගොඩනැඟෙමින් බැංකුවට තම ගනුදෙනුකරුවන් කරා ප්‍රවේශ වීමේ මාර්ග පුළුල් කර ගැනීමට හැකියාව ලබාදෙයි.
අලුතින් විවෘත කරන ලද ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවා ස්ථාන කටුපොත, හේන්ගමුව, බුදුමුත්තාව, මල්වතුහිරිපිටිය, උඩුගම්පල, කොස්වත්ත, කොටියාකුඹුර, අක්කරායන්කුලම, ඔඩ්ඩුසුඩාන්, බදුරලිය, බෝඹුවල, යත්තපාත, කඩිහින්ගල, බටුකොටුව, වනාතවිල්ලුව, වන්කලෙයි, පේසාලෙයි, අක්කරෙයිපත්තු, තිරුකෝවිල්, සිත්තන්ඩි, පුදුකුඩිරිප්පු හා ලාහුගල යන ප්‍රදේශවල පිහිටා ඇත. තිස්සමහාරාමය, හම්බන්තොට, සියඹලාණ්ඩුව සහ බුත්තල යන ප්‍රදේශවල මීට පෙර මෙම සේවා ස්ථාන ස්ථාපිත කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
