කොමර්ෂල් බැංකුව සහ ටොයෝටා ලංකා වෙතින් ආකර්ෂණීය ලීසිං විසඳුම්
නව ටොයෝටා වාහනයක හිමිකාරිත්වය වඩාත් පහසු සහ දැරිය හැකි මිලකටලබාගැනීමට අවස්ථාව සලසමින් කොමර්ෂල් බැංකුව ටොයෝටා ලංකා (පුද්.) සමාගම සමඟ ඇති ව්‍යාපාරික ගිවිසුම අලුත් කරමින් ආකර්ෂණීය ලීසිං පැකේජ හරහා පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන මූල්‍ය විසඳුම් සහ අමතර ප්රතිලාභ පිරිනමමින් ආර්ථික වර්ධනයට දායක වීමට බැංකුව දක්වන කැපවීම තහවුරු කර ඇත.
මෙම ගිවිසුම යටතේ, කොමර්ෂල් බැංකුව විසින් ඉතා සහනදායී පොලී අනුපාත යටතේ ලීසිං පහසුකම් ලබාදීමටත් පාරිභෝගිකයන්ගේ ආදායම් රටාවන්ට ගැළපෙන පරිදි නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සකස් කිරීමටත් කටයුතු කරනු ඇත. එමෙන්ම ටොයෝටා වාහන සඳහා ලීසිං පහසුකම් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට බැංකුව විසින් නිකුත් කරනු ලබන ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පළමු වසර දෙක තුළ ආරම්භක ගාස්තු සහ වාර්ෂික ගාස්තු අය කිරීමෙන් නිදහස් වීමේ ප්‍රතිලාභය ද හිමි වේ.
ටොයෝටා ගැනුම්කරුවන්ට නම්‍යශීලී අවශේෂ වටිනාකම් ආපසු ගෙවීමේ විකල්ප ප්රතිලාභ ද හිමි වන අතර වසරක කාලසීමාවක් සඳහා වාහනයේ වටිනාකමින් 50%ක් දක්වා වූ මුදලක් ගෙවීම කල් දැමීමටත් වසර පහක ලීසිං කාලසීමාවක් සඳහා එම ප්‍රතිශතය 30% දක්වා අඩු කිරීමටත් අවස්ථාව සැලසේ. එම කල් දැමූ මුදල ලීසිං කාලසීමාව අවසානයේ ගෙවිය යුතු අතර එමඟින් මාසික ලීසිං වාරික සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිය.
මීට අමතරව කොමර්ෂල් බැංකුව සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (CIBL) ආයතන අතර ඇති හවුල්කාරිත්වය යටතේ ලීසිං පහසුකම ලබාගෙන මිලදී ගන්නා අලුත්ම ටොයෝටා වාහන සඳහා විශේෂ ප්‍රතිලාභයක් ද හිමි වේ.
CIBL හරහා ලබාගන්නා රක්ෂණ ඔප්පුවල වාරික මුදල් 0% පොලී අනුපාතයක් යටතේ මාස 6ක හෝ 12ක පහසු ගෙවීමේ ක්‍රමයකට පරිවර්තනය කරගත හැකි අතර ඒ සඳහා අය කරනු ලබන සේවා ගාස්තු ද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව බැංකුව සඳහන් කළේය.
මෙම මූල්‍ය ප්‍රතිලාභවලට අමතරව ටොයෝටා ලංකා සමාගම විසින් වාහන ලියාපදිංචිය නොමිලේ සිදුකර දීම, පළමු සාමාන්‍ය සේවා තුන නොමිලේ ලබාදීම සහ වසර තුනක් හෝ කිලෝමීටර් 100,000ක් සඳහා නිෂ්පාදකයාගේ වගකීම් සහතිකයක් ද පිරිනමනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
