කොටස් වෙළෙඳ පොළ, විදෙස් ශ්‍රමිකයන්ගේ මූල්‍ය සැලසුම්කරණයට දිරිදෙයි
කොළඹ කොටස් වෙළෙඳ පොළ හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව දිවයින පුරා විසිරී සිටින විදේශගතවන පුහුණු ශ්‍රමිකයන් සඳහා පෞද්ගලික මූල්‍ය සැලසුම්කරණය හා කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ බව පෙන්වා දෙයි.
තව නොබෝ දිනකින් දකුණු කොරියාව බලා පිටත්ව යන පුහුණු ශ්‍රමිකයන් 500කට අධික පිරිසක් සඳහා බගවන්තලාව හා අතුරුගිරිය යන ප්‍රදේශවල පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානවලදී මෙම වැඩසටහන් පැවති බව කියැවෙයි.
මූල්‍ය සැලසුම්කරණය, ආයෝජනය හා කොටස් වෙළෙඳ පොළ පිළිබඳව සාමාන්‍ය මහජනතාව අතර පවතින බොහෝ සාවද්‍ය තේරැම්ගැනීම් රුසක් නිරාකරණය කරගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම මෙහි ඉතා සුවිශේෂී කාරණාවක් වූ බව පෙන්වා දෙයි. කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ, විදේශ රටවල විවිධ වෘත්තීන්හි නිරතවන ශ්‍රමිකයන්ගේ ඉපයීම් කොටස් වෙළෙඳ පොළ ආයෝජන හරහා නැවත මෙරටට ගෙන්වාගැනීම බව ඔවුන් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

