කෘෂි නවීකරණයට කොමර්ෂල් බැංකුව සමඟ බ්‍රවුන්ස් එක්වෙයි
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම සහ ගොවීන්ට මෙන්ම, කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණය සමීප කරවීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව බ්‍රවුන් සහ සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පැමිණ තිබේ.
කෘෂිකාර්මික නවීකරණයේ වර්ධනය ඉලක්ක කරමින් නිර්මාණය වූ විශේෂ ලීසිං පහසුකම් සහිත අවබෝධතා ගිවිසුමක් (MoU) හරහා ආයතන දෙක අතර, තිබෙන දිගුකාලීන සහයෝගීතාව ඉදිරියට ගෙනයන අතර කෘෂිකාර්මික ක්ෂේත්රයේ යාන්ත්රීකකරණය, ඵලදායිතාව සහ තිරසාරභාවය ප්‍රවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය ඒයින් පිළිබිඹු කරයි.
මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව තම කෘෂි ලීසිං සහ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ බ්‍රවුන්ස් ඇග්රිකල්චර් විසින් අලෙවි කරනු ලබන කෘෂිකාර්මික වාහන, යන්ත්‍රෝපකරණ සහ උපකරණ, ආරක්ෂිත ජල නළ පද්ධති සහ පසු අස්වනු යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ මූල්‍ය පහසුකම් ලබා දෙයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ උපකරණ මිලදී ගන්නා ගොවීන්ට බ්‍රවුන්ස් ඇග්රිකල්චර් විසින් සුවිශේෂී ප්රතිලාභ රැසක් හිමි වන අතර, තෝරාගත් රෝද දෙකේ ට්‍රැක්ටර් මාදිලි සඳහා නොමිලේ පළමු වසරේ රක්ෂණය සහ සියලුම ට්‍රැක්ටර් සඳහා පළමු සර්විස් හතර සදහා නොමිලේ ශ්‍රමය ලබාදෙනු ඇත. යමහා සහ සුමෝ අස්වනු නෙළන යන්ත්‍ර සඳහා කම්කරු ගාස්තු රහිත සේවා සහ SUMO ස්වයංක්‍රීය සහල් ඇඹරුම් යන්ත්‍ර සඳහා පළමු වසර වෙනුවෙන් නොමිලේ IoT මත පදනම් වූ දුරස්ථ අධීක්ෂණය සහ උපකරණ පරීක්ෂා කිරීම ඇතුළත් වේ. සෑම SUMO සහල් මෝලක් සඳහාම නිෂ්පාදන දෝෂ සඳහා වසරක වගකීමක් සහ පළමු වසර තුළ කම්කරු ගාස්තු රහිත සේවාවක් ද හිමි වෙයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුව පවසා සිටියේ කෘෂි ලීසිං සහ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය තුළින් ස්මාර්ට්, පරිසර හිතකාමී කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ප්‍රවේශය පහසු කර තිරසාර ගොවිතැන් ක්‍රම ප්‍රවර්ධනය කර ජාතික ආහාර සුරක්ෂිතතාවයට දායක වන බවත් ග්‍රාමීය ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා ශක්තිමත් කරන බවත් ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

